වරාය ආර්ථික කොමිසමේ පාර්ලිමේන්තු අධීක්ෂණය ගැන කිරිඇල්ල ප්‍රශ්න කළ විට ජී එල් ලිස්සා යයි

යෝජිත වරාය නගර ආර්ථික කොමිසන් සභාව පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු හමුවට කැඳවිය හැකිදැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට ඍජු පිළිතුරක් නොදුන් මහාචාර්ය ජී එල් පීරිස් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අධීක්ෂණය නැතිවන්නේ නැතැයි කියමින් මගහැර ගිය බව විපක්ෂය චෝදනා කරයි.

පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය  මුදල් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට වෙනත් රාජ්‍ය ආයතන කැඳවන ආකාරයට , කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභාව කැඳවිය හැකි දැයි කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේ ය.

මහාචාර්ය ජී එල් පීරිස් ඇමතිවරයා එයට ඍජු පිළිතුරක් නොදී කීවේ කොමිසමේ ගිණුම් පරීක්ෂා කිරීමට විගණකාධිපතිවරයාට බලය ඇති නිසා පාර්ලිමේන්තුවේ අධීක්ෂණය අහෝසි නොවන බවයි.

මෙය ජී එල් ඇමතිවරයා ප්‍රශ්නයෙන් ලිස්සායාමක් බව එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු විපක්ෂ කථිකයෝ පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *