එට්කා හරහා ස්වර්ණමය අවස්ථාවක් රටට උදාවෙලා තියෙනව – මහාචාර්ය රෝහාන් සමරජීව

dr-rohan-samarajiva-makes-a-point-photo-by-tve-asia-pacificමම වැදගත් කරුණු 3 ක් පමණක් ඉදිරිපත් කරන්න අදහස් කරනව. පළමුකාරණය අපෙන් නිතරම මාධ්‍යය අහනව, ‘‘ ඕව ගිවිසුම්,  ඕව නිමිති. මොකක්ද ඔය ගිවිසුම් වලින් අපිට ලැබෙන වාසිය’’ කියල. ඒක ආර්ථික විද්‍යාවේ සිද්ධාන්ත වලින් කියනවට වැඩිය පැහැදිලියි උදාහරණයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. මම මෙතෙක් කල් උදාහරණ ගත්තෙ වෙන රටවල් වලින්. මම ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්ම උදාහරණයක් ගන්නම්.  ගම්පහ දිස්ත‍්‍රික්කයෙ බියගම තියෙනව බී.එස්.එච්. කියල සමාගමක්. එක තමයි ‘රැුලේ’ බයිසිකල් හැදීමේ නෛතික අයිතිවාසිකම තියෙන සමාගම. මේ සමාගම අවුරුද්දකට බයිසිකල් දෙලක්‍ෂ පනස්දාහක් නිෂ්පාදනය කරනව. ඒ සමාගම විසින් පුවත්පත් නිවේදනයක් නිකුත්කරල දැනුම් දීල තිබුණ ඉන්දියාවේ ‘හීරෝ’ කියන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආයෝජනයක් කරල මේ සමාගමේ කොටස්කරුවෙක් වෙනව කියල. ඒ අය ඒකට කරුණු කිහිපයක් ඉදිරිපත් කරනව. එකක් තමයි බියගම තියෙන මේ කර්මාන්ත ශාලාව ඉතා හොඳ කර්මාන්ත ශාලාවක්. ඒකෙ වැඩකරන සේවකයො ඉතාමත් දක්‍ෂ සේවකයො. ඊට අමතරව මේ වෙලාවේ මේ කටයුත්ත කරන්න ඉදිරිපත් වෙන්නෙ ඇයි කියල, ඒ ගොල්ල කියන්නෙ ‘ලංකාව ඉතාම කෙටි කාලයක් ඇතුළත ජී.එස්.පී ප්ලස් නැමති ගිවිසුම ආපහු ක‍්‍රියාත්මක කරනව වසරක් වැනි කාලයක් ඇතුළත යුරෝපයත් එක්ක’ කියල. ඒ නිසා ඒ අයගෙ දැඩි විශ්වාසයක් තියෙනව මේ ගිවිසුම යටතෙ දෙලක්‍ෂ පනස් දහසක් නෙමෙයි, කෙටිකාලීනව පන් ලක්‍ෂයක් බයිසිකල් අපනයනය කරන්න පුළුවන් වෙයි කියල. ඒක කරන්න ඉන්දියාවෙන් සේවකයො ගෙන්න ඒ සමාගමට අදහසක් නෑ. මේ තියෙන ෆැක්ටරිය, මේ ඉන්න සේවකයො, ඒකෙ ප‍්‍රධානිය පෙරුමාල් කියල මහත්තයෙක්. ඒ අයගෙ රස්සාවල් එහෙමම තියෙනව. එතකොට යුරෝපයට යන අපේ අපනයන වැඩි වෙනව කියල.

අපිට අපනයනය වැඩි කිරීමේ දැඩි අවශ්‍යතාවක් තියෙනව. ඒ අපනයන වැඩි කළේ නැත්නම්, මේ ණය බරට කරගහන්න වෙන්නෙ අපිට. ඒකෙන් වළක්ව ගන්න අපිට අපනයන සීග‍්‍රයෙන් වැඩිකරන්න  ඕන. ඒකට මෙවැනි ක‍්‍රියාවලින් පිටිවහලක් ලැබෙනව. මේ රැුකියා කාටවත් දෙන්නෙ නැහැ. මේ රැුකියා ගම්පහ දිස්ත‍්‍රික්කෙම, ලංකාවෙම තරුණයන්ට ලබා ගන්න පුළුවන්. කර්මාන්ත ශාලා ක්‍ෂේත‍්‍රයේ රැුකියාවන් විදිහට.
රැුකියා උත්පාදනය වෙනව. අපනයනය වැඩි වෙනව. අපේ ණයබර ගෙවාගන්න පිටුවහලක් ලැබෙනව. මේ සියල්ලම ලැබෙන්නෙ වෙළඳ ගිවිසුමක් නිසා. මේක තමයි දුරදක්නා නුවනින් යුතුව අගෝස්තු මාසේ ඡුන්දෙ ඉල්ලනකොට ඉදිරිපත් කරපු මැතිවරණ ප‍්‍රකාශනයේ රැුකියා දස ලක්‍ෂයක් කියන තේමාව යටතේ තියෙන්නෙ. ජී.එස්.පී. ප්ලස් ඉන්දියාවත් සමග ආසියානු රටවල් සමග ගිවිසුම් අත්සන් කරව කියලා පොරොන්දු වෙලා ජනතාවගෙන් වරමක් අරගෙන මේ ආණ්ඩුව මේ ක‍්‍රියාදාමයට යොමු වුනේ. ඒ ක‍්‍රියාදාමයට මේක අවශ්‍ය නිසා. එතකොට කෙනෙක් අපෙන් අහනව ඇයි මේ ගිවිසුම් අවශ්‍ය කියල. ‘ගිවිසුමේ තියනවද යුරෝපය මේතරම් බයිසිකල් ගන්නව කියල. මේ ගිවිසුමේ තියෙනවද ලංකාවේ වැඩකරන සේවකයට කොච්චර ගෙවනවද කියල?’ නෑ. මේක ඉන්දියාවත් එක්ක අත්සන් කරන ගිවිසුමක් නෙමේ. මේක යුරෝපයත් එක්ක අත්සන් කරන ගිවිසුමක්. ඉන්දියානු ආයෝජකයා ලංකාවට එනව යුරෝපයත් එක්ක ඇති ගිවිසුම නිසා. මේ කිසිම දෙයක් ඒකෙ නෑ. එතකොට ඒ අය අහනව ‘ඇයි එහෙනම් ඔය ගිවිසුම් ගැන කතා කරන්නෙ?’ කියල.

ගිවිසුමකින් දෙන්නෙ නෛතික ස්ථාවර භාවයක්. ගිවිසුමකින් දෙන්නෙ විශ්වාසයක්. ‘ඒ අය එනකොට ආණ්ඩුවෙන් දුන් පොරොන්දු ඒ ගිවිසුම් කාලය ඇතුළත වෙනස් නොකරන’ ආකාරයේ පොරොන්දුවක් තමයි නෛතික ගිවිසුමකින්, ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමකින් ලැබෙන්නෙ. අන්න ඒ විශ්වාසය උඩ තමයි ආයෝජකයා ලංකාවට එන්නෙ. ඊළ`ගට එන ප‍්‍රශ්නෙ, ‘මොකක්ද මේ ඉන්දියාවත් එක්ක ගහන ගිවිසුම?’ කියල.
ස්පාඥයත් එක්ක, ඔස්ටේ‍්‍රලියාවත් එක්ක, නවසීලන්තයත් එක්ක කොරියාවත් එක්ක, යුරෝපයත් එක්ක මේ සියලූම රටවල් මේ ගිවිසුම අත්සන් කරල තියෙනව. මොකක්ද වෙනස ලංකාව 2000 ට සාපේක්‍ෂව අපේ අපනයනය වැඩි කරල තියෙන්නෙ දෙගුණයකින් පමණයි. වියට්නාමය ඒ කාලය ඇතුළත තමන්ගෙ අපනයනය වැඩි කරල තියෙනව නව ගුණයකින්. අපි දෙගුණයකින් වැඩි කරන කොට ඒ ගොල්ල නව ගුණයකින් අපනයනය වැඩිකරගෙන තියෙනව.

ඒ ගොල්ල අත්සන් කරන්නෙ සේවා ගිවිසුම් විතරක් නෙමෙයි. අපි යෝජනා කරන ආකාරයට භාණ්ඩ, සේවා හා ආයෝජන සහ තාක්‍ෂණික සහයෝගය ආවරණය වෙන පුළුල් ගිවිසුම් තමයි ඒ අය අත්සන් කරන්නෙ. එතකොට මේ තුළින් වියට්නාමය 2000ට සාපේක්‍ෂව නව ගුණයකින් අපනයනය වැඩිකරගෙන තියෙනව. මේ ඉබි ගමනින් අපිට අපේ ප‍්‍රශ්න විසඳගන්න විදිහක් නෑ. මේ ණය බරින් මිදෙන්න විදිහක් නෑ. ඒ නිසා තමයි අපි වගේ ස්වාධීන බුද්ධිමතුන් අවුරුදු 5ක් 6ක් තිස්සෙ කියන්නෙ මේ ක‍්‍රියාදාමයේ අපි ඉදිරියට යායුතුයි කියල. ධන ලැයිස්තුවක් කියල දෙයක් මේකෙ තියෙනව. භාණ්ඩ ගිවිසුම්වල එක්තරා දෘඩ බවක් තියෙනව. දෘඩබවක් තියෙනව කියල කියන්නෙ ස්විශේෂව අපි යම්කිසි ක්‍ෂේත‍්‍රයක් අයින් කළේ නැත්නම් ඒ ගිවිසුම ඉතිරි සියලූම ක්‍ෂේත‍්‍රවලට බලපානව. මේ සේවා ගිවිසුම් ගැන තමයි අද ඉතාම උනන්දුවක්, කලබලයක් ඇතිකරගෙන තියෙන්නෙ. මේ සේවා ගිවිසුම්වල තියෙන්නෙ  ලැයිස්තුවක්. මේ ධන ලැයිස්තුවට අපි ක්‍ෂේත‍්‍රයක් ඇතුළත් කළේ නැත්නම්, ඒක ආවරණය වෙන්නෙ නැහැ. මේක එතනින් නවතින්නෙ නෑ. සමමිතිකව මේ දේ කිරීම අවශ්‍ය නැහැ. භාණ්ඩ ගිවිසුම පමණක් අසමමිතික ගිවිසුමක්. අපි විශාල ක්‍ෂේත‍්‍ර ගණනාවක් භාණ්ඩ ගිවිසුමෙන් අයින් කර ගත්ත. අපි කිව්ව ඒවා ගිවිසුමෙන් පිට තියාගන්න කියල.

ආණ්ඩුවෙ වියදම් පියවගන්න වාහනවලට තීරු බදු ගහනව සියයකට සියයකට වැඩිය. ඒක ඔබතුමාලා දන්නව ඇති.  ඕව ගිවිසුම්වලට ඇතුළත් කළොත් වාහන අපනයනය අපිට තීරු බදු ගහන්න බැහැ. අපිට  ඕනැ අපිට  ඕනැ  ඕනැ විදිහට තීරුබදු ගහන්න. එක වෙලාවකට හයිබි‍්‍රඞ්වලට මේ ගණන, ඉලැක්ටි‍්‍රක්වලට තව ගණනක් ගහනව.  ඕව ඔක්කොම කරන්නෙ මේ ගිවිසුම්වලින් පිට තියෙන දේවල් නිසා. අපි තමයි ඔය ගිවිසුමෙන් පිට තියාගන්නෙ. එය පැහැදිලියි. නමශ්‍යශීලීබවක්, ඒ කියන්නෙ ඉන්දියාවට සාපේක්‍ෂව අපිට අසමමිතිකව මේ ගිවිසුම හදාගන්න පුළුවන්. මොකද, අපි පිළිඅරන් තියෙනව අපි පොඩි රටක්, ඒ ගොල්ල ලොකු අය.

ඒ වගේම සේවා ක්‍ෂේත‍්‍රයේත් අපිට අසමමිතිකව ඒ ධන ලැයිස්තුව හදා ගන්න පුළුවන්. ඊට අමතරව සේවා වෙළඳාම ගත්තහම ඒකෙ තියෙනව විවිධ මාදිලියේ වෙළඳාම් කරන ඒවා. අපි ඔය බී.පී. ඕ. ගත්තොත්, (ලංකාවේ ඉඳගෙන පිටරටක ගණන් හිලව් හදන එක) ගණකාධිකාරී වැඩ කරනව නම් ඒක පළවෙනි මාදිලියේ වෙළඳාමක්. සේවය සපයන එක්කෙනා ලංකාවෙ. සේවය ලබා ගන්නා කෙනා වෙන රටක. දෙවෙනි මාදිලිය, තුන්වෙනි මාදිලිය ඒ වශයෙන් තියෙනව. 4 වෙනි මාදිලිය ගැන තමයි අපේ වෘතියවේදින් ගොඩක් කැළඹිලා තියෙන්නෙ.

4 වෙනි මාදිලියෙන් කියන්නෙ ස්වාභාවික පුද්ගලයන්, වෘතියවේදීන් ඒක රටකින් තව රටකට ඇවිල්ලා සේවා සැපයීම. ඒකට හොඳම උදාහරණය තමයි දොස්තර කෙනෙක් මෙහාට ඇවිල්ල මෙහෙ වැඩකරනව. ආණ්ඩුව කියල තියෙනව 4 වෙනි මාදිලිය විවෘත කරන්නෙ නැහැ කියල. ඒ විදිහට ඊටත් වඩා බොහොම සවිස්තරව මේව එකතු කරන්න පුළුවන්.

සිංගපූරුව ඉන්දියාවත් එක්ක ගහපු කොන්දේසි තියෙනව. අපි ගාවත් එම පිටපත් තියෙනව. යම්කිසි පුද්ගලයෙක් යම් ආයතනයක වැඩ කරනව නම්, යම් යම් කොන්දෙසි තිබිය යුතුයි. අපිට කියන්න පුළුවන් ගෘහ නිර්මාණ ශිල්පය විවෘත කරනව, නමුත් ලංකාවෙ සංචිතයක්  නැතුව ඉන්න බැහැ. නාවික ඉංජිනේරුවන්ට, නාවික නිර්මාණ ශිල්පීන්ට වෙනත් කොන්දේසියක් තියෙනව. ඒ හැම එකකටම කොන්දේසි වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන කල්පනා කරන කොට පොඩි බයක් වගේ දෙයක් දැනෙනව. මේ තරම් සංකීර්ණ දෙයක් කොහොමද අපි කරන්නෙ කියල. අපේ රටේ ඒ හැකියාවල් තියෙනව. මම කියන්නෙ මේක මුල සිට අ, ආ යන්නෙ සිට බලන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් වෙන රටවල්වල පූර්වාදර්ශ අරගෙන ඒක වෙනස් කරන්න. ඒ ගොල්ල අවුරුදු 5 කියනව නම් අපි අවුරුදු 3 කියල කියනව. ඒ ගොල්ල භාර්යාවටත් රැුකියා කරන්න පුළුවන් කියල කියනකොට අපි කියනව එහෙම බෑ කියල. ඒ විදිහට ඒවා අපේ ආකාරයට හදා ගන්න පුළුවන්.

වෘතිය වේදින් මලික් සමරවික‍්‍රම ඇමතිතුමා එක්ක දීර්ඝ සාකච්ඡුාවක යෙදී ඉන්නව ආණ්ඩුවේ ආකල්ප ගැන. මේ කොන්දේසි කොහොමද හදාගන්නෙ කියල. මේවයෙ සංකීර්ණතායව අපි දන්නව. දේශපාලඥයො අපිට දායකත්වය දීල තියෙනව වෘත්තියවේදී සංගම් එක්ක, ඒ අයගෙ ආයතනත් එක්ක සාකච්ඡුා කරල මේ තත්ත්වය ලංකාවට සුදුසු විදිහට හදාගන්න වාතාවරණයක් අද ඇති කරල තියෙනව. මේ කරුණු තුනයි මම ඉදිරිපත් කරන්නෙ. මේ ඉදිරිපත් කිරීම තුළින් අපේ රටට අවශ්‍ය විසඳුමක් සොයාගත යුතුයි. එක එක රටවල්වලට නිකම් අවලාද නගල, මේ ලැබෙන අවස්ථාව අතපසු කරගන්නෙ නැතුව, අපේ අපනයනය වර්ධනය කරගෙන, අපේ රටට හොඳක් වෙන විදිහට, අපිට ගුණාත්මක වශයෙන් හොඳ රැුකියා නිෂ්පාදනය කරගන්න පුළුවන් විදිහට, ණයබර ගෙවන්න අපිට ශක්තියක් වෙන විදිහට, ශක්තිමත් ආර්ථිකයක් කරගන්න පුළුවන් විදිහට අපෙ රට ඉස්සරහට ගෙනියන්න ස්වර්ණමය අවස්ථාවක් උදාවෙලා තියෙනව. විද්වතුන්ගේ, ජනතාවගේ සහයෝගය මේ අවස්ථාවේ ආණ්ඩුවට අවශ්‍යයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *