අදත් අපේ ආර්ථිකය රඳා පවතින්නේ 1977 කරපු ප‍්‍රතිසංස්කරණ මත. ඒකටත් එදා විවේචන එල්ල වුනා.- මහාචාර්ය පී.එච්.එම් ගුණරත්න

අද අපි ඉන්නේ මේ රට ඉන්දියාවත් සමග ඉදිරියේ දී ඇති කරගන්නා ගිවිසුමක් පිළිබඳව විවාදයකට භාජනය වෙලා තියෙන අවස්ථාවක.  උදාහරණයක් වශයෙන් ගත්තොත් ගමක් දියුණු වෙන්නෙ ඒ ගම තනියෙන් දියුණුවෙන්න උත්සාහ ගත්තොත් නෙමෙයි. ඒ ගමේ ඇති වන නිෂ්පාදනය, ඒ ගමේ තියෙන සේවා ශක්තිය අල්ලපු ගමට, අල්ලපු නගරයට හවමාරුවක් වුණොත් විතරයි. නගරයකට වෙළඳාමක් ඇති වෙන්නෙ අවට ගම් වලින්. අවට ගම්වලටත් ඒ නගරයෙන් ආදායමක් ලැබෙනව නම්, ඒ අයත් පොහොසත් වෙනව. ලොකෙත් එහෙමයි. ලෝකයේ තියෙන්නේ සේවාවන්, වෙළඳාම, ශ‍්‍රමය වැනි සාධක හුවමාරු වූ තරමට තමයි ලෝකයේ ආර්ථික දියුණුව රඳා පවතින්නේ.
අපි කවුරුවත් කියන්නෙ නෑ මේ රටට ප‍්‍රාග්ධනය ගේන්න එපා කියල. මේ රටට ප‍්‍රාග්ධනය හිගයි. ප‍්‍රාග්ධනය හිග නිසා ප‍්‍රාග්ධනය අරගෙන එනකොට අපි කැමතියි. ඒ වගේම ලෝකෙ අද තියෙන ස්වභාවය තමයි  විවෘත වෙළෙඳාම රදා පවතින්නෙ රටවල් අතර හුවමාරුව මත. අපි ලෝකයෙන් හුදකලා වුනොත් අපිට ලෝක වෙළඳපොළේ නියමිත කොටස නොලැබී යනව.

මේ ගිවිසුම වෙළෙඳ ගිවිසුමක් පමණක් නොවෙයි. මේ ගිවිසුමේ තියෙන විශේෂත්වය තමයි මේක ද්විපාර්ක්‍ෂික ගිවිසුමක්. අපේ රටේ තියෙන නරක පූර්වාදර්ශය තමයි මොන දෙයක් ආවත් විරුද්ධ පක්‍ෂය හැම එකකටම විරුද්ධ වෙනව. රාජ්‍යය බලයේ ඉන්න අය කරන කිසිම දෙයක් ගැන ඔවුන් කිසිම හොඳක් දකින්නේ නැහැ. මේක අපේ රටේ තියෙන දේශපාලන සදාචාරයේ දුර්වල කමක්.

මේ උදාහරණය තමුන්නාන්සේලාට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක්. 1977 බලයට පත්වෙච්ච ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටේ නිදහස් වෙළෙඳ ප‍්‍රතිපත්තියක් ඇති කෙරුව. විදේශ ආයෝජකයන්ට මේ රට විවෘත කෙරුව. මේ අවස්ථාව වෙනකොට, මේ වගේම විරෝධතා රැුල්ලක් රටේ ඇති වුනා. 1977 – 78 නිදහස් වෙළෙඳ කලාප ඇති කරනකොට මේ අපේ ශ‍්‍රමය සූරාකන්න අවස්ථාවක් පිටරැුටියන්ට උදාකරල දෙනව කියල කිව්වා. විශේෂ සම්මන්ත‍්‍රණ කියල මේවා කිව්ව. 1977 වෙන කොට රටේ උග‍්‍ර රැුකියා හිගයක් තිබුණ. ආහාර අර්බූදයක් තිබුණ. මේ වගේ තත්ත්වයක් තිබුණ රටක් ගොඩදාන්න තිබෙන මාර්ගයක් වශයෙන් විදේශ ආයෝජකයන්ට ආයෝජන අවස්ථා ඇති කරන්න ඉඩ දෙන්න පටන් ගත්ත. කටුණායක මෙන්ම වෙනත් පළාත්වලත් විදේශ ආයෝජකයො කර්මාන්තශාලා ඇති කරන්න පටන් ගත්ත. අදත් අපේ ආර්ථිකය රඳා පවතින්නේ 1977 කරපු ප‍්‍රතිසංස්කරණ මත. ඒකටත් එදා විවේචන එල්ල වුනා. එක සරල උදාහරණයක්.

1977ට කලින් අපේ රටේ වෙළඳාමෙන් ලැබෙන ආදායම නඩත්තුවුනේ තේ, පොල්, රබර් කියන අපනයන භෝග මත. නමුත් අද මේ භෝග තුනෙන් ලැබෙන ආදායම වාර්ෂිකව රුපියල් මිලියන 30.000ක් වෙනව. නමුත් අපි ගාමන්ට් ෆැක්ටරි ටික ගත්තොත් එකෙන් ලැබෙනව රුපියල් මිලියන 66.000ක. නමුත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එදා විරෝධතා හමුවේ බය වෙලා, නිදහස් වෙළඳ ප‍්‍රතිපත්තිය අකුලගත්ත නම් අද අපිට යන එනමං නැහැ.
අපේ රටේ ඇඳුමක් මහන්න අවශ්‍ය සියලූම දේවල් පිටරටින් ගෙන්නුව. අවශ්‍ය රෙද්ද, නූල්, බොත්තම්, පැකින් කරන ද්‍රව්‍ය සියල්ලම පිටරටින් ගෙන්නුව. නමුත් අද බොහෝ දේවල් අපේ රටේ නිෂ්පාදනය කරනව. මේ කර්මාන්ත පටන් ගන්නකොට රටේ එකතුකළ වටිනාකම 25%ට 30%ට තිබුණෙ. එදා වැඩි කොටසක් ලැබුණෙ ශ‍්‍රමයට. ඒ 25%ක පමණ ප‍්‍රමාණයක්. 75%ක් පිටරටින් ගෙන්නලයි නිෂ්පාදනය කෙරුවෙ. අද 70%ක් පමණ අපේ රට තුළට ම ලැබෙනව.

ඇඳුම් පැටන් ඩිසයින් කරනනෙ අපි. ඒ සඳහා පාඨමාලාවල් පවා ඇතිවෙලා තියෙනව. මොරටුව විශ්ව විiාලයෙ ඩිසයිනින් පිළිබඳ උපාධියක් තියෙනව. අද මැටිරියල් හදනවා. අලව්වෙ තියෙන කර්මාන්ත ශාලාවේ එයින් පූම්ඛස්ථානයක් ගන්නව. (ඉස්සර තුල්හිරිය රෙදි කම්හල තිබුණ තැන* අද පුද්ගලික අංශයේ විශාල රෙදි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තියෙනව. මේ වනවිට ගොඩක් දේවල් අපේ රටේම නිෂ්පාදනය වෙනව.  ඒ අනුව මේ කර්මාන්තයෙන් නිෂ්පාදන වලින් එකතු කළ නිෂ්පාදනවලින් 70% ක් එකතු කළ වටිනාක් ආර්ථිකයට එකතු වෙනව. 1977 දි ඒ වෙනස කළේ නැතනම් අද බොහෝ තරුණ තරුණියන්ට රැුකියාවල් නැහැ. 1977 කටුණායකින් ඇති කරපු කර්මාන්ත අද බොහෝ ගම් දනව් කරා ගිහිල්ල තියෙනව. අද ඒක රටේ ප‍්‍රදාන ආදායම් මාර්ගයක් බවට පත්වෙලා තියෙනව. ඒකෙන් අපිට අවාසියක් සිදුවුනේ නෑ වාසියක් ලැබුණ මිසක්.

අදායම් වැඩි වෙනකොට වැඩි වැඩියෙන් බැංකු අවශ්‍ය වෙනව. එතකොට බැංකු කර්මාන්තය දියුණු වෙනව. එතකොට මේ ආයතන වල සේවය කරන අයට නවාතැන් අවශ්‍ය වෙනව. පිරිසක් ඒව සපයනව. පිරිසක් කෑම බිම සපයනව. ඔවුන් මිලදී ගන්න එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය වලින් ඒ ඒ ප‍්‍රදේශවල කඩසාප්පු දියුණු වෙනව. ඒවායේ ආදායම වැඩි වෙනව. ඒවට වැඩිපුර සේවකයන් අවශ්‍ය වෙනව. එදා විදේශ ප‍්‍රාග්ධනය ගෙනල්ල, මේ රටේ ශ‍්‍රමය, භූමිය පාවිච්චි කරල කර්මාන්ත ඇති කෙරුව.

අද තත්ත්වය වෙනස්. අද ශ‍්‍රමයේ මිල තරමක් වැඩියි. අද ගාමන්ට් ෆැක්ටරි ඇති කරන පිරිස බංගලාදේශයේ තමන්ගෙ කර්මාන්ත ඇති කරන්න බලනව. බංගලාදේශයේ ශ‍්‍රමය තරමක් මිල අඩුයි. අපි මේ වන විට සාකච්ඡුා කරමින් සිටින ගිවිසුම මේ සියලූම දේවල් ආවරණය කරන එකක්. අපි ඉන්දියාව එක්ක වෙළඳාම ගත්තොත් අපිට වෙළඳාමෙන් අවාසියක් වෙනව. ඩොලර් මිලියන 2.6 ක් පමණ අපි ඉන්දියාවෙන් ආනයනය කරනකොට අපි ඊට අඩු ප‍්‍රමාණයක් අපනයනය කරන්නෙ. අපි ඉන්දියාවෙන් මේ රටේ කරන වෙනත් ආයෝජන ගැන බලන්න අවශ්‍යයි. අද අපේ රටේ හැදෙන හෝටල් ඉන්දියානු ආයෝජන. ඉන්දියාවට වැඩිය අපේ රටට සංචාරකයන් ගෙන්වා ගන්න අපේ රටේ සංචාරක කර්මාන්තයට ආයෝජන අවශ්‍යයි. මේ ගිවිසුම තවමත් සාකච්ඡුා මට්ටමේ තියෙන්නෙ. සමහරු ඉන්දියානු වෘතිකයන් ලංකාවට පැමිණීම ගැන විරුද්ධත්වය පළකරනව. ගිවිසුම පිළිබඳව තවම අවසන් තීරණයකට ඇවිත් නැහැ. යම් යම් දේවල් සුපරික්‍ෂාකාරීව රජයක් විදිහට කළ යුතු වෙනව.

කොහොම වුනත් මේ කලාපයේ තියෙන මූල්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් අපේ රට පරිවර්තනය කරගන්න අපි උපායශීලී වෙන්න අවශ්‍යයි.  අද ඩුබායි, සිංගප්පූරුව, හොංකොං මූල්‍ය කලාප බවට පත්කරගෙන තියෙනව. ඒවා බැංකු මධ්‍යස්ථාන. ප‍්‍රාග්ධන වෙළෙඳ පොළවල්. අද අපේ රට හොඳ විදේශ සම්බන්ධතාවයන් ඇති කරගෙන තියෙනව. මේ කලාපයේ ඉන්දියාව, පකිස්ථානය, භූතානය අපේ රට සමග ගොඩක් සුහදයි. අපිට හොඳ අවස්ථාවක් තියෙනව මේ රට මූල්‍ය මධ්‍යස්ථානයක් කරන්න. අපේ රටේ තියෙන මූල්‍ය වෙළඳපොල දැනුමෙන් විතරක් මේක කරන්න බැහැ. අන්තර් ජාතික මූල්‍ය දැනුමත් අප රටට පැමිණිය යුතුයි. ඒ අය එන්න නම් රටවල් අතරෙ ගිවිසුම් මගින් එක`ගතාවක් ඇති විය යුතුයි. ඒ අනුව තමයි මූල්‍ය තාක්‍ෂණය ඇවිල්ල, මූල්‍ය සංස්ථාවන් ඇවිල්ලා, මේ රටේ රැුකියාවන් වැඩිවෙලා. වැඩි වැටුපකට වැඩකරන්න අවස්ථාව ලැබිල රට දියුණුවට පත්වෙන්නෙ.

විද්වත් මණ්ඩලයේ ගම්පහ දිස්ත‍්‍රික් සාඛාව මෙහෙයවීමෙන්, ගම්පහ සනස සලාවේ පැවති සම්මන්ත‍්‍රණය ඇසුරෙන් සකස්කළේ

 මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *