වැලිකඩ බන්ධනාගාරය විකුණයි ! වටිනාකම රුපියල් කෝටි 20,000 කට වැඩියි !

කොළඹ වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කොට එම ඉඩම ආයෝජකයින් සඳහා දිගු කාලීනව බදු දීමේ සැලසුමකට කැබිනට මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

අක්කර 42 ක භුමි භාගයක පිහිටි මෙම බන්ධනාගාරය හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 200 ක ඉඩමකට ගෙනයාමට ඒ අනුව සැලසුම් කොට ඇත.

එලෙස නිදහස් වන ඉඩම දෙස් විදෙස් ආයෝජකයින් සඳහා දිගු කාලීන බදු පදනම මත ලබාදීමට නියමිත ය. දැන් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂයේ සිටිය දී කී ආකාරයට මෙය බන්ධනාගාර ඉඩම විකිනීමකි.

පර්චස් 7000 කට වැඩි ඉඩම් ප්‍රමාණයක් වන මෙහි වාණිජ වටිනාකම රුපියල් කොටි විසි දහසකට වැඩි බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *