අප භාරදුන් රට ඒ විදිහට ම අපට දෙන්න – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

 

මේ ආණ්ඩුවට භාරදුන් රට ඒ ආකාරයෙන් ම ආපසු භාරදෙන ලෙස ඉල්ලා සිටින බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ අද ප්‍රකාශ කළ හ.

එමෙන් ම , කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත සම්මත නොකර කල් දමන ලෙස ද උන් වහන්සේ රජයෙන් ඉල්ලා සිටියෝ ය.

අග රදගුරු  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට අද කොළඹ දී සහභාගී වෙමින් උන් වහන්සේ මේ අදහස් ප්‍රකාශ කළ හ.

මෙහි දී කතා කළ අග රදගුරු  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටියේ වරාය  නගර පනත පිළිබඳව ජනතාවට තම අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ සලසමින් පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම කල් තබන ලෙස යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *