වරාය නගර පනතට ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නේ කුළුගෙඩි පහරක් – ආචාර්ය හර්ෂ ද සිල්වා

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනතට ශ්‍රේෂ්ඨාධිකරණය කුළුගෙඩි පහරක් දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

මෙම වරාය නගරය පාලනය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ තමාගේ නායකත්වයෙන් යුතු කමිටුව ඉදිරිපත් කළ යෝජනාවත්, වත්මන් රජය පත් වූ පසුව අගමැතිතුමා පත් කළ කමිටුව 2020 ජුනි මාසයේ ලබා දුන් යෝජනාවත් සියයට අනු පහක් ම එක හා සමාන බව ද, එම යෝජනා ඉවත ලමින් වැරදි පනතක් ඉදිරිපත් වුයේ ජනාධිපති කාර්යාලයෙන් බවත්, මන්ත්‍රීවරයා පැවසීය.

වැඩි දුරටත් කරුණු දැක් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීවේ, පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවතී නඩු විභාගයේ දී ද , රජය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයින් සහ ජනාධිපති ලේකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් එකිනෙකට පරස්පර අදහස් ඉදිරිපත් කළ බවත්, ඒ පිළිබඳව අග විනිසුරුතුමා ද ප්‍රශ්න කළ බවත් ය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම ශ්‍රී ලංකා රජයේ සංස්ථාවක් විය යුතු බවත්, එහි සම්පුර්ණ නියාමනය ශ්‍රී ලංකා මහ බැංකුව සතු විය යුතු බවත්, කී මන්ත්‍රීවරයා ඒ සඳහා සංශෝධන අටක් විපක්ෂයෙන් ඉදිරිපත් කරන බවත් ඒවාට එකඟ වන්නේ නම් පනතට සම්පුර්ණ සහය දෙන බවත් වැඩි දුරටත් පැවසී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *