යෝශිතට දෙහිවල මහා මන්දිර දෙකක් – එකක් සිවුමහල් අනෙක දෙමහල්

කළුසල්ලි සුදු කිරීමේ චෝදනාව එල්ල වී තිබෙන යෝෂිත රාජපක්ෂට අයත් තවත් රුපියල් කෝටි ගණනක දේපළ සොයාගෙන ඇති බව අනාවරණය වේ.

දෙහිවල මිහිඳු මාවතේ අංක 173/2 දරණ ලිපිනයේ පිහිටි සුවිශාල සිව්මහල් නිවසක් සහ දෙමහල් නිවාසක් මේ වනවිට සොයාගෙන ඇත. ගල්කිස්ස  මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 828/16 යටතේ ලබාගෙන ඇති සොදිසි නියෝගයකට අනුව කරන ලද පරීක්ෂණවලදී මෙම දේපල සොයාගෙන තිබේ.

මෙම නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමට රුපියල් හාරකෝටි අනූ ලක්ෂ විසිදහසක  (රු. 49020000) මුදලක් වැය කර ඇති බව මේ වනවිට අනාවරණය කරගෙන ඇත. අදාළ ඉඩම් මිලදී ගැනීමේදී දෙහිවල ගල්කිස්ස විවිදසේවා සමූපකාර සමිතියට අයත් ඉඩමකින් පර්චස් 5ක්ද රුපියල් ලක්ෂ 45කට මිලදී ගෙන ඇත.

නිවාස දෙක අදි සුඛෝපභෝගී ලෙස ඉදිකර ඇත. සිවුමහල් නිවාසය තුළ භූගත කුටියක් නිර්මාණය කර තිබෙන බවද හෙළි වේ. මේ වනවිට අදාළ දේපලවල මුළු වටිනාකම අවසාන වශයෙන් තක්සේරු කර නොතිබුණද දළ වශයෙන් ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන දහසකට අධික බව අනුමාණ කෙරේ. නිවාස ඉදිකර තිබෙන මුළු භූමි ප්‍රමාණය පර්චස් 65ක් වන අතර ඉන් පර්චස් 37ක් යෝෂිත රාජපක්ෂගේ නමටම තිබීම විශේෂත්වයකි. ඉතිරි පර්චස් 28ක ප්‍රමාණය අංක 260/12 ටොරින්ටන් මාවත කොළඹ 5 යන ලිපිනයේ පදිංචි වයෝවෘද කාන්තාවකගේ බව සඳහන් වුවද එවැනි කාන්තාවක් අදාළ ලිපිනයේ නොමැත. එහෙත් එම ඉඩම ශිරන්ති රාජපක්ෂගේ අවිවාහක නැන්දනියකගේ නමින් 2013 වසරේදී මිලයට ගෙන පසුව යෝෂිත රාජපක්ෂට පවරා ඇති බව වැඩිාදුරටත් අනාවරණය වෙයි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *