වරාය නගර පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි ; සම්මත කිරීමට ජනමත විචාරණයක් ඕනෑ – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි

යෝජිත වරාය නගර  විශේෂ ආර්ථික කොමිසන් සභා පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එම වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට ඇත.

අද උදේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *