රජය ප්‍රවර්ධනය කරනවා කියූ දේශීය නිෂ්පාදිත, කහ, මුන් ඇට, කවුපි,උඳු, සැමන් කිසිවක් බන්දුලගේ 5000 සහන මල්ලේ නෑ  

වසංගතය නිසා හුදෙකලා කොට ඇති හෝ නිරෝධායනයට ලක්ව සිටින ජනයාට රුපියල් 5000 ක් බඩු මල්ලක් ලබාදීමට වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කොට ඇතත්, විදේශයෙන් ආනයනය සම්පුර්ණයෙන් නවතා හෝ ඉහළ බදු පනවා  හෝ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන බව ආණ්ඩුව කී භාණ්ඩ කිසිවක් එම සහන මල්ලට ඇතුළත් කොට නොතිබීම විශේෂතවයකි.

කහ, මුන් ඇට, කවුපි, උඳු, සැමන් ආදිය කිසිවක් මෙම බඩු මල්ලට ඇතුළත් කොට නැත. මිරිස්, ගම්මිරිස්, ලුණු, පමණක් නොව සොයා මීට්, නුඩ්ල්ස් ආදිය ද ඇතුළත් කොට ඇති මල්ලේ ඉහත කී භාණ්ඩ අඩංගු කොට නොතිබීම කැපී පෙනෙන කරුණකි.

ආණ්ඩුව ඉහත භාණ්ඩ වෙදේශයෙන් ආනයනය නතර කළේ ඒවා දේශීය වශයෙන් නිපදවා අඩු මිලට ලබාදෙන බව කියමිනි. මෙම භාණ්ඩ සඳහා මිල පාලනයක් ද මුල දී ක්‍රියාත්මක කරනු ලැබී ය.

කහ සඳහා එවකට පැවතී මිල කිලෝවක් රුපියල් 700 ක් වූ අතර කහ ගෙන්වීම නැවත ආණ්ඩුව පැන වූ පාලන මිල රුපියල් 750 කි. එම පාලන මිලට කහ ලබා ගැනීමට නොහැකි වූ අතර කිලෝවක මිල රුපියල් 3000 සිට උසස් තත්ත්වයේ නම් 6000 දක්වා ඉහළ ගියේ ය. කහ කුඩු ග්‍රෑම් 100 පැකට්ටුවක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇත.

කවුපි කිලෝව රුපියල් 700 දක්වා ද, මුන් ඇට 850 දක්වා ද  මිල ඉහළ ගොස් ඇති අතර උඳු කිලෝවක මිල රුපියල් 4000 කි.

විදේශීය ටින් මාළු  සඳහා විශාල බද්දක් සමග පාලන මිලක් ද නියම කිරීම නිසා එම ටින් මාළු වෙළෙඳ පොලේ නැත. මේ වනවිට දේශීය ටින් මාළු නිෂ්පාදනය ද බිඳ වැටී එම මාළු ද වෙළෙඳපොළේ නැත.

දේශීය නිෂ්පාදනය නැංවීමට දිරි ගන්වනවා කියූ එම භාණ්ඩ කිසිවක් බන්දුල ඇමතිවරයාගේ සහන මල්ලේ නැති වීමෙන් පෙන්නුම් කරන්නේ ද එම නිෂ්පාදනවලට අත්ව ඇති ඉරණම යි.

මෙම තත්ත්වයට හේතුව නම් කෘෂිකර්මයේ හෝ වෙළෙඳපොලේ හෝ ක්‍රියාත්මක වීම ගැන නිසි වැටහීමකින් තොරව තම හිතළු මත තීරණ ගැනීම බව ආර්ථික විධ්‍යඥයෝ කියති .

සතොස මගින් සකස් කොට සමෘධි නිලධාරීන් මගීන් බෙදා හැරීමට පියවර ගෙන ඇති ආණ්ඩුවේ  සහන මල්ල සඳහා ඇතුළත් වන භාණ්ඩ මෙසේය.

  1. සුදු නාඩු සහල් 10kg
    2. රතු කැකුළු සහල් 5kg
    3. පාන් පිටි 3kg 10.
    4. අල(දේශීය) 3kg
    5. රතු පරිප්පු 2kg
    6. සුදු සීනි කිලෝ 1kg
    7. දුඹුරු සීනි කිලෝ
    8. බීඵෑණූ 3 kg
    9. හාල්මැස්සන් 500 g
    10. නුඩ්ල්ස් 1 kg
    11.දෙවැනි බත පැකට් 1 යි (350 g)
    12. තේ කොළ 200 g
    13.මිරිස් කුඩු 200 g
    14. සෝයා මීට් 90g පැකට් 02
    15. ගම්මිරිස් 100g.
    16. ලුණු කැට 1 kg.
    17.ක්‍රිම් ක්‍රැකර් බිස්කට් පැකට් 1 යි (500g).
    18.මාරි බිස්කට් පැකට් 1 යි (350g).
    19.මුහුණු ආවරණ 10 යි.
    20. විෂබීජ නාශක දියර 100ml

මෙය සහන මල්ලක් නොව කොමිස්  යටතේ සහ / හෝ ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් හෝ මිල දී ගෙන සතොසට විකුණා ගන්නට බැරිව සිටින භාණ්ඩ කොවිඩ් වසංගතයෙන් අමාරුවේ වැටී සිටින ජනතාව මත පැටවීමේ උත්සහයක් බව පාරිභෝගිකයෝ චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *