ඊයේ අලුත් කොවිඩ් ආසාදිතයින් 2371 ක් ; මරණ 20 ක්

ඊයේ රජය නිකුත් කළ නිල වාර්තා අනුව කොවිඩ් ආසාදිතයින් 2371 ක් අලුතින් හඳුනාගෙන ඇති අතර මරණ සංඛ්‍යාව සඳහන් වන්නේ 20 ක් වශයෙනි.

මේ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස් දහස් හාරසිය පනස් හයක් ( 140,456 ) දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සඳහන් වන්නේ 941 ක් වශයෙනි.

පෙරේදා වාර්තා වූ මරණ සංඛ්‍යාව 31 ක් එදින  රාත්‍රියේ වාර්තා කර ඊයේ උදේ වනවිට එම සංඛ්‍යාව 29 ක් ලෙස සංශෝධනය කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *