ගෝඨාගේ ලක්ෂ 400ක තවත් වංචාවක් ගැන පරීක්ෂණ

 

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පැවති රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් හම්බන්තොට වෙරළ උද්‍යානය සකස් කිරීමට යැයි පයවසා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිඩට් ආයතනයට (ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය) අයත් ගිණුමකින් රුපියල් ලක්ෂ 400ක් ලබාගෙන මුදල වංචාවක් සිදු කර ඇති බවට ලැබී තිබෙන පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (31) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කරුණු වාර්තා කරමින් පවසා තිබේ.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ නිසි බලධාරී තෙල්ගේ අශෝක පීරිස් මහතා විසින් ඉකුත් පෙබරවාරි මස 29 වැනිදා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයේදී කියා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *