රට වැහුව පළමු දවසේම එළවළු ගොවියෝ අනාථයි – රජිත් කීර්ති තෙන්නකෝන්

රට වැහුව පළමු දවසේම එළවළු ගොවියෝ අනාථයි. තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දාට – පාරිභෝගිකයාට බඩු යන්න ක්‍රමයක් නෑ.

මැනිං වෙළෙදපොලේ බඩු විකුණාගන්න වෙළෙන්දෝ නෑ – එළවළු – පළතුරු සැපයුම් ජාල බිඳවැටීම නැවතත්

කොළඹ මැනිං වෙළෙදපොල වෙත උඩරට එළවළු තොග වශයෙන් ලැබී ඇති නමුත් සුළු වෙළෙදුන්හට බලපත් නිකුත් කිරීමේ ගැටළු හේතුවෙන් එළවළු තොග අලෙවි කර ගත නොහැකි තත්වයක් මේ වන විට මතුව ඇත.

වැලිමඩ, බණ්ඩාරවෙල, ඌවපරණගම, නුවරඑළිය, හාළිඇළ ප්‍රදේශවලින් අද මැනිං වෙළෙදපොලට ලොරි රථ 46 ක් පැමිණ ඇත. එසේ නමුත්, සුළු වෙළෙදුන්ට අලෙවි කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකමින් තොග වෙළෙදාම පහත වැටී ඇත.

කෙරෝනා පළමු රැල්ල අවස්ථාවේ දී ආහාර සැපයුම් ජාල බිඳ වැටුණු අතර, අද දින ද මැනිං වෙළෙදපොළේ සුළු වෙළෙදුන් නොමැතිවීම නිසා එළවළු මිල පහත වැටි තිබෙනවා. උඩරට ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා ලැබිය යුතු අවම මිල හෝ නොලැබීම එහි ප්‍රතිඑලය වනු ඇත.

රජය ආහාර සැපයුම් ජාල බිඳ නොවැටී පවත්වාගැනීම සඳහා විධිමත් පියවර ගත යුතු බවත් එසේ නොවන්නේ නම් නාගරික ජනතාවට ආහාර සැපයීමේ ගැටළුවක් ද, ගොවීන් සිය නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි තත්වයක් ද මතුවනු ඇත.

ගිය වසරේ අප්‍රේල් මාසයේ ද මෙලෙසම රට වසා දැමීමත් සමඟම ගොවියාට එළවළු විකුණා ගත නොහැකි වූ අතර, පාරිභෝගිකයාට එළවළු හා පළතුරු නොලැබීම නිසා දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය. එළවළු තොග වගාබිම්වල, දඹුල්ල ඇතුළු තොග මධ්‍යස්ථානවල විනාශවන තත්වයක් මතුවිය.

කොළඹ මැනිං වෙ‍ෙළඳපොලට ලැබී ඇති එළවළු හා පළතුරු තොග අලෙවි කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කළ යුතුය.

රජිත් කීර්ති තෙන්නකෝන්

හිටපු දකුණු සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *