මචං තෙන්නේ, ඔය වැඩේ නවතපං මචං! – චමීර නිලංග සමරසිංහ

මචං තෙන්නේ,

අපි හොද යාලුවෝ!

උඹ එතකොට SSP, මම දොස්තර.

මම ආනනන්දේ උඹ නාලන්දේ.

පට්ට බෞද්ධ ඉස්කෝල.

උඹ දවසක් රෑ දොලහට මාව ඇහැරෝලයි කිව්වේ

“ඩොක්ටර්, වජිරලා ඔයගේ පෙර වැරදි හොයනවා

පරිස්සම් වෙන්න කියලා”

මිරිහානේ ඔයා ඉන්න කොට ඔයාගේ වැඩ කිඩ අපි TV එකේ ඇහුවේ බැලුවේ පපුව පිරිච්ච උද්ධාමයෙන්.

පුජිතට පස්සේ හිටපු රජ වැඩ්ඩා ඔයා.

ඉලඟකෝන්ට පස්සේ ඊලග පොලිස්පති වෙන්න ඕනේ

ගාමිණිද පුජිතද කියන තරඟෙදි ගාමිණි ජ්‍යේෂ්ටත්වයෙන් පලවෙනියා වුනත් පුජිත වැඩ්ඩා නිසා ඌව පොලිස්පති කරන්න

අපි වෙච්ච මහන්සිය උඹ දන්නවා.

උඹ ඇත්තටම අහිංසකයා.

පොලිස්පති” කැරට් අලය පෙන්නා පෙන්නා

උඹව උන් අංගුලිමාලයෙක් කලේ කෝමද කියලා

මම තාම කල්පනා කරනවා.

උඹේ පොලිස්පතිකමට අඩු තව එක ඇඟිල්ලනම් මාව ගනින්!

මම හෙට ලංකාවට එන්නං.

ඔය වැඩේ නවතපං මචං!

අංගුලිමාලත් රහත්වුනා.

මං උඹේ පරණ යාලුවෙක්!

නිලංග සමරසිංහ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *