බංග්ලාදේශ බැංකු හොරු ශ්‍රී ලංකාවේ සංවිධානයත් රවටලාලු !

බංග්ලාදේශ මහ බැංකුවෙන් මුදල් සොරාගෙන ශ්‍රී ලංකාවට හා පිලිපීනයට එවීමේ හොරකමේදී එයට සම්බන්ධ මෙරට රාජ්‍ය නොවන සංවිධානයද රවට ඇති එහි අධ්‍යක්ෂවරු ප්‍රකාශ කරති . ශාලික ෆවුන්ඩ්දෙසන් නම් එම සංවිධානයේ ප්‍රධානි ශාලික පෙරේරා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට ජපාන ජාත්‍යන්තර සහයෝගිත සංවිධානයෙන් මුදල් ලබාදීමට ජපන් ජාතිකයකු පොරොන්දු වූ බවයි . බංග්ලාදේශ රජයේ විදුලි සමාගමකට ලබා දී තිබු මුදලක් හරවා එවන බව ඔහු දැනුම් දී තිබේ . කෙසේ වෙතත් මොවුන් කියන මෙම කතාවේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට තවමත් හැකිවී නැත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *