කලින් දැනුම් දී තිබිය දී කොස්ගොඩ තාරක ඝාතනයට ඉඩ දීම ගැන නීතිඥ සංගමයේ විරෝධය ; උරු ජුවා ඝාතනයත් හෙළා දකියි

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදනකු වූ ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය කිරීම දැඩිලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙයින් කොස්ගොඩ තාරක, සී සී ඩී භාරයේ සිට පැලියගොඩ පොලිසියට භාර දී  ඇති බවත්, ඔහු ඝාතනයට ලක්විය හැකි බවත්, තම සංගමයේ සාමාජික නීතිඥවරයකු කල් තබා කළ අනතුරු ඇඟවීම පොලිස්පතිවරයා ඇතුළු වගකිව යුත්තන්ට දැනුම් දී තිබිය දී ඔහු ඝාතනය කරන්නට ඉඩ දීම ගැන නීතිඥ සංගමය තම බලවත් විරෝධය පළකොට තිබේ.

මෙම සිදුවීම් පිළිබඳව අවධානය යොමුකර එවැනි සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද, එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් ය.

ශ්‍රී ලංකා  නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පිරිස් සහ ලේකම් නීතීඥ රජීවී අමරසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *