කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පාර්ලිමේන්තු විවාදයට දින දෙකක් ලැබෙයි

කලින් එක දිනකට පමණක් සීමාකර තිබු කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් විවාදයට දින දෙකක් ලබා දීමට ආණ්ඩුව අද එකඟ වී ඇත

ඒ අනුව එම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කොට තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (13) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේ එම දින දෙකෙහි පාර්ලිමෙන්තුව කැඳවීමට සහ දින දෙක ම පනත පිලිබඳ විවාදයට සම්පුර්ණයෙන් ලබා දීමට තීරණය කර තිබේ.

වාචික ප්‍රශ්න ඇසීම ඇතුළු වෙනත් කටයුතු කිසිවක් එම දින දෙකේ දී සිදු නොකරනු ඇත.

මෙම පනත පසුගිය 5 දා එක දිනකින් සම්මත කිරීමට රජය උත්සහ කළ දන් පනත පිලිබඳ අධිකරණ තීන්දුව ලැබී නොතිබීම නිසා එය අසාර්ථක වී ය.

විවාදයට දින දෙකක වත් අවශ්‍ය බව විපක්ෂයේ ඉල්ලීම වී තිබිණි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *