අන්තිමට, දින තුනක් රට ම වසයි

අද රාත්‍රී සිට සඳුදා උදෑසන දක්වා මුළු රට ම වසා තැබීමට රජය තීරණය කොට ඇත . ඒ අනුව කඩ සාප්පු විවෘත කිරීම මෙන් ම සියලු  සංචරණ කටයුතු ද සීමා වෙයි. අත්‍යවශ්‍ය සේවාවන් සහ ෆාමසි හැර අනෙක් සියලු අංශ වලට මෙම සීමා කිරීම් අදාළ වෙයි.

ඒ අනුව, සංචරණ සීමා පනවා ඇති   අද (13) රාත්‍රී 11 සිට ලබන සඳුදා (17) අලුයම 4 දක්වා  කඩසාප්පු විවෘත කිරීම  මුළුමනින්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම කාලය තුළ ජනතාව සිය නිවෙස් තුළට ම වී රැඳිසිටිය යුතු බවත්, ගමනාගමනය සඳහා කිසිවකුට කිසිදු අවසරයක් නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය.

ගමනාගමනයට අවසරය ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් වන අතර රෝගීන්ට රෝහල් වෙත ගමන් කිරීමට හෝ ඖෂධ මිලදී ගැනීම සඳහා ළඟම ඖෂධහලට ගමන් කිරීමට හැකියාව ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ෆාමසි සඳහා ඩිලිවරි සේවා පවත්වාගෙන යෑම සඳහා අවසර ලැබෙන අතර, මේ දින තුන තුළ එවැනි කටයුතු හැර වෙනත් කිසිදු කටයුත්තකට නිවසින් පිටතට යාමට අවසර නොමැති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ජාතික හැඳුනුම්පතේ අංක පිලිවෙලට පිටතට යෑමේ ක්‍රමවේදය මේ දින තුනට අදාළ නොවන අතර, එය ලබන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනු ඇති බවද, මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *