කොරෝනා අනා ගැනීම – අනුර සූරියබණ්ඩාර

පසුගිය දින කිහිපය පුරාම මෙරට දිනකට වාර්තා වන  කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවා තිබිණ .ඒ අතර මැයි 12 දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් , විෂේශයෙන්ම කාන්තාවන්ගෙන්  ඉල්ලා සිටියේ කොරෝනා රෝගය නිවෙස් වලට ගෙන යාමෙන් වළකින ලෙසය .ඒ සඳහා මුව ආවණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් තරයේ පළිපදින ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටිනු පෙනිණ .

තමන්ට , තම පවුල්වල අයට කොරෝනා රෝගය වැලඳීම වළක්වා ගැනීමට ජනතාවට වගකීමක් ඇති බව අමුතුවෙන් කිය යුතු නැත. ජනතාව ඇතැම් විට එම වගකීම අමතක කර කටයුතු කරන බවද පිළිගත යුතුය . මෙහිදී විශේෂයෙන් කැපීපෙනෙන කරුණ වන්නේ , එසේ වගකීම් විරහිතව කටයුතු කරන්නේ දැන උගත් ප්‍රජාව නොව වෙළෙන්දන් , ත්‍රිරෝද රථ රියැදුරන් , නාටාමිවරුන් වැනි අඩු අධ්‍යාපන මට්ටමක් සහිත තැනැත්තන් බවය .අවබෝධයක් , අධ්‍යාපනයක් ඇති පිරිස මුඛ ආවරණ පැළඳීම , දෑත් පිරිසිදුව තබා ගැනීම වැනි යහපත් සෞඛ්‍ය පිළිවෙත් තරයේ අනුගමනය කරති . බස් රථවල දුම්රියවල නිතර දැනෙන ‘ සැනිටයිසර් ‘ සුවඳ වුව ඊට සාක්ෂි වශයෙන් ප්‍රමාණවත්ය  .

ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ඇතුළු ආණ්ඩුවේ වගකිය යුතු පාර්ශව මේ වන විට උත්සාහ දරමින් සිටින්නේ වත්මන් කොරෝනා රැල්ල ජනතාවගේ නොසැලකිල්ල හේතුවෙන්ම ඇතිවී පැතිරී යන්නේය යන මතයක් සමාජගත කරන්නට බව පෙනේ . එනම් වගකීම ජනතාව මත පටවා අත සෝදා ගැනීමටය .

සෞඛ්‍ය නීති කඩ කරන්නන් කුදලා පොලිස් වාහන වල පටවාගෙන යාම් මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කිරීමෙන් ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපැදීමට හුරු කළ හැකි යැයි  ආණ්ඩුව සිතන්නේ නම් වරදකි . කළ යුතුව ඇත්තේ හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම නුගත් ජනතාව⁣ට අවබෝධකර දීමය . එයට යොදා ගත යුත්තේ කුදලාගෙන යාම් නොව අධ්‍යාපනික වැඩසටහන්ය . 1970 දසකයේ පමණ පණු රෝග වලින් ආරක්ෂා වීමේ වැදගත්කම ප්‍රචාරණය සඳහා ර⁣ජය මගින් ගම්වල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණු ආකාරය මෙහිදී සිහිපත් කරන්නට පුළුවන .නමුත් මේ දක්වා ජනතාව දැනුවත් කිරීමේ සාර්ථක වැඩසටහනක් ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක වී නැත .ඒ වෙනුවට ආණ්ඩුව අනුගමනය කරන්නේ දැනට පවතින රෝහල් වල ඉඩකඩ කොවිඩ් රෝගීන් සඳහා වෙන් කිරීම සහ  ප්‍රතිකාර සඳහා අලුත් ඉඩකඩ සෙවීම වැනි අතීසාරයට අමුඩ ගැසීමේ පිළිවෙතකි.දැනට ඇති වාට්ටු කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ විට දැනට එම වාට්ටුවල ප්‍රතිකාර ලබන සහ ඉදිරියේදී ඒවාට ඇතුළත් කෙරෙන රෝගීන්ට සිදුවන්නේ කුමක්ද යන්නට පිළිතුරක් නැත . එසේම ප්‍රතිකාර මධ්‍යස්ථාන අලුතින් ඉඳිකළද ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල සපයා ගන්නේ කෙසේද යනු ගැටලුවකි .මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ වක් සත්‍යනම් මේ වන විටත් රාගම⁣ රෝහලේ කොවිඩ් රෝගීන්ට ඉඩකඩ පුශ්නයක් මතුවී තිබේ .

දැනට ඇති වාට්ටු කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ විට දැනට එම වාට්ටුවල ප්‍රතිකාර ලබන සහ ඉදිරියේදී ඒවාට ඇතුළත් කෙරෙන රෝගීන්ට සිදුවන්නේ කුමක්ද යන්නට පිළිතුරක් නැත . එසේම ප්‍රතිකාර මධ්‍යස්ථාන අලුතින් ඉඳිකළද ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල සපයා ගන්නේ කෙසේද යනු ගැටලුවකි .මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ වක් සත්‍යනම් මේ වන විටත් රාගම⁣ රෝහලේ කොවිඩ් රෝගීන්ට ඉඩකඩ පුශ්නයක් මතුවී තිබේ .

ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය කියන්නේ, මුඛ වැසුම් එකක් නොව දෙකක්ම පලඳින්න කියාය . මුඛ වැසුම යනු අද වන විට ජනතාවට අමතර බරකි . සමාන්‍ය සර්ජිකල් මුඛ වැස්මක මිල රු. 20 /- කි . ඒවා පාවිච්චි කළ හැක්කේ වරක් පමණක් බැවින් , හතර දෙනකුගෙන් යුතු පවුලක දිනෙක මුඛ වැසුම් වියදම රු. 80/- ක් වේ .ඒ වියදමෙන් පාන් රාත්තලක් මිලදී ගන්නට පුළුවන .එදිනෙදා වියදම පිරිමසාගෙන ජීවත්වන ජනතාවට මුඛ වැස්මට වඩා පාන් රාත්තල වැදගත්ය . එහෙත් මුඛ වැසුම් ගැන කියන ආණ්ඩුවට සියලු ජනතාවට කෙසේ වෙතත් දුප්පත් ජනතාවට පමණක් හෝ සහන මිලකට මුඛ වැස්මක් ලබා දීමට වැඩපිළිවෙළක් නැත .

වත්මන් කොරෝනා රැල්ලේ වගකීම ජනතාව මත පැටවීමට උත්සාහ දරන ආණ්ඩුව කෙරෝනා රෝගය පාලනය කිරීමට සාර්ථක ක්‍රියාමාර්ග අනුගමනය කළේද යන්නද ගැටලුවකි . ආණ්ඩුව මුල පටන්ම කටයුතු කරනු ලැබුවේ එල් . ටී . ටී . ය පරාජය කළ ආකාරයට⁣ කොවිඩ් වෛරසයද පාලනය කළ හැකිය යන ආකල්පයෙන් යුතුවය .කොරෝනා පළමු රැල්ලේදී ආණ්ඩුව සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිගත්තේ නැත .තොණ්ඩමන් මහතාගේ අවමඟුල ආදියේදී ආණ්ඩුව කටයුතු ක⁣⁣ළ ආකාරය ඊ⁣ට නිදසුන් පිණිස වේ .

වත්මන් කොරෝනා රැල්ල පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවූයේ මාස කිහිපයකට පෙර සිට වුවත් ආණ්ඩුව ඊට කන්දුන්නේ නැත .විද්වත් මතයට අනුව මෙවර කොරෝනා රැල්ලට ගොදුරු වූවන් වැඩි පිරිස කතරගම සහ නුවරඑළියේ සංචාරය කළ අයය .අලුත් අවුරුදු සමයේ කොරෝනා අවදානම පිළිබඳ ජනතාව අවධානයෙන් තබන වැඩපිළිවෙළක් ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කෙරුණේ නැත .කොරෝනා අවදානමක් තිබියදී ජනතාව කතරගමට සහ නුවරඑළියට එක්රැස් වීම වළකා ගැනීමට ආණ්ඩුව අසමත් විය . කොරෝනා අවදානමක් ඉදිරියේ තබාගෙන නුවරඑළියේ අවුරුදු උත්සව පැවැත්වූ අමන දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පොලිසිය මෙතෙක් කටයුතු කර නැත . ඉන් පෙනෙන්නේ මුඛ ආවරණ නොපලඳින සාමාන්‍ය මිනිසා කුදලාගෙන යාමට තරමට කොරෝනා ව්‍යාප්ත කිරීමට දායක වන දේශපාලකයන් කුදලාගෙන යන්නට පොලීසිය උනන්දු නොවන බවය . පිළියන්දල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ ගත් තීරණය ආපසු හැරවූ බව කියන දේශපාලකයාද තාමත් නිරුපද්‍රිතව සිටී  .යුක්රේනයේ කොරෝනා වසංගතය පැතිරෙමින් තිබියදී එරටින් සංචාරකයන් ගෙන්වා කොවිඩ් නීති අඩපණ කළ ආණ්ඩුව , ඉන් නොනැවතී ඉන්දියාවේ කොරෝනා හිස ඔසවමින් තිබියදී මෙරට දී නිරෝධායනය වන්නට ඉන්දියානුවන්ට  අඬගැසූ අයට එරෙහිවද කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත .

කොරෝනා අවදානමක් ඉදිරියේ තබාගෙන නුවරඑළියේ අවුරුදු උත්සව පැවැත්වූ අමන දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පොලිසිය මෙතෙක් කටයුතු කර නැත . ඉන් පෙනෙන්නේ මුඛ ආවරණ නොපලඳින සාමාන්‍ය මිනිසා කුදලාගෙන යාමට තරමට කොරෝනා ව්‍යාප්ත කිරීමට දායක වන දේශපාලකයන් කුදලාගෙන යන්නට පොලීසිය උනන්දු නොවන බවය . පිළියන්දල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ ගත් තීරණය ආපසු හැරවූ බව කියන දේශපාලකයාද තාමත් නිරුපද්‍රිතව සිටී  .යුක්රේනයේ කොරෝනා වසංගතය පැතිරෙමින් තිබියදී එරටින් සංචාරකයන් ගෙන්වා කොවිඩ් නීති අඩපණ කළ ආණ්ඩුව , ඉන් නොනැවතී ඉන්දියාවේ කොරෝනා හිස ඔසවමින් තිබියදී මෙරට දී නිරෝධායනය වන්නට ඉන්දියානුවන්ට  අඬගැසූ අයට එරෙහිවද කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත .

කොරෝනා ප්‍රශ්නයේ දී ආණ්ඩුව කළේ ,විද්‍යාත්මකව ඊට මුහුණදීම⁣ වෙනුවට මිථාවන් පසුපස අන්ධ විශ්වාසයෙන් කුරගෑමය . ගඟට මුට්ටි දැමීමෙන් කොරෝනා පරාජය කිරීම⁣ට ඇමැතිවරිය උත්සුක වෙද්දී සෞඛ්‍යය බාර රාජ්‍ය ඇමැතිවරයා සහ දේශීය වෙදකම බාර රාජ්‍ය ඇමැතිවරයා ජනතාවට පැණි පොවා කොරෝනා මර්දනය කිරීමට උත්සාහ කළහ .

අවසානයේ ආණ්ඩුවට සිද්ධ වී තිබෙන්නේ , කොරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය අංශ පෙන්වා දුන් මාර්ගය අනුගමනය කරන්නටය . සංචරණ සීමා බැහැ කියූ  ජනපතිවරයාටම අන්තිමේ සංචරණ සීමා පණවන්නට උපදෙස් දෙන්නට සිදුවී තිබේ .නමුත් මේ වන විට  I H M E , ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙරට කොරෝනා තත්වය බරපතළ  බවට අනතුරු අඟවා අවසන්ය .කෙටියෙන්ම කියන්නේ නම් ආණ්ඩුව කොරෝනා ඉස්තාලය වසන විට රෝගය රට පුරා පැතිරී අවසන්ය.දැන් ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ තමන්ගේ නොහැකියාව නැතිනම් අසමත්කමේ වරද ජනතාව මත පටවා අත සෝදා ගන්නටය .

 

අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *