මෙහෙම මෝඩකම් කරන්න පුළුවන්ද කියල හිතාගන්නවත් බෑ – පාඨලී චම්පික රණවක

කවුරුත් දන්නවා 14 ටයර් අද වෙළඳ පොළේ නෑ. කවුද අපහසුතාවයට පතවෙලා තියෙනනෙ? ඩිමො බට්ටා. එතකොට කවුද ඩිමො බට්ටා කියනනෙ? මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ආර්ථිකයෙ පධාන කොඳුනාරටියක් තමයි මේ ප්‍රවාහණයට යොදන ඩිමො බට්ටො. පධාන බැංකු දෙකේ අද ඩොලර් නෑ. මොකද තෙල් බිල ගෙවන්න එල්.සී. ගෙවල. ඊළඟට පසුගිය මාස දොළහෙ සල්ලි අච්චු ගහල තියෙනව බිලියන 880ක. මේක තමයි වැඩකරන විරුවගෙ කතාව. වැඩ කරල තියෙන්නෙ අන්තිමට බියගම සල්ලි අච්චු ගහන මැසිමයි. සී.සී.ඩී. එකයි විතරයි.

මෝඩ උද්දච්ච කම්වලින් ගමන් කරපු පිරිස වගකිව යුතුයි. මම කියනව වසංගතයට අමතරව සාගතයක් කරා රට ගමන්කරමින් තියෙනව. ණය ගෙවාගැනීමට නොහැකිව බංකලොත්භාවය කරා රට ගමන්කරමින් තියෙනව. ‘ගත දැවටෙන මේ සීත සළං රැළි අහෝ සැපයි කීවාලූ’. අර වැටෙන පුද්ගලයා. අන්න ඒ වගෙ තත්ත්වයක් තමයි අද අපිට මේ හැමතැනින්ම ඇහෙන්න දකින්න ලැබෙන්නෙ.

ඇත්තට මෙහෙම මෝඩකම් කරන්න පුළුවන්ද කියල මට නම් හිතාගන්නවත් බෑ. මොකද මේක ඇස්පනාපිට පේන්න තියෙන දෙයක්. හැම රටක්ම වගේ තමන්ගෙ දළ දෙශීය නිෂ්පාදනයෙන්, ඇතැම් රටවල 10%ක් ඇතැම් රටවල අඩුම ගානෙ 1%ක් යොදනව තමන්ගෙ ජනතාව මේකෙන් ගලවගන්න.

කොවිඩ් නිසා නොව, අපි ගත්ත ආරථික ප්‍රතිපත්ති නිසා වෙනත් තැන්වල ප්‍රශ්න මතු වුණා. උදාහරණයක් විදිහට වාහන ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කෙරුවා. ටයර් හා උපාංග ගෙන්වීම සමපූර්ණයෙන්ම නතර කෙරුවා. කවුරුත් දනනවා අද වෙළඳ පොලේ රිම් සයිස් එක 13, 14 ටයර් අද නෑ. ඒ නිසා කවුද අපහසුවට පත්වෙලා තියෙන්නෙ? ඩිමෝ බට්ටා. එතකොට කවුද ඩිමෝ බට්ටා කියන්නෙ? මෙ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ආර්ථිකයෙ ප්‍රධාන කොඳු නාරටියක් තමයි මේ ප්‍රවාහනයෙ යොදන ඩිමෝ බට්ටො. කෙහෙල්කැන් ටික අදින්නෙ, හාල්ටික අදින්නෙ, වී ටික අදින්නෙ එළවළු ටික අදින්නෙ, මාලු ටික අදින්නෙ මේවයින්. කවුද මේවගෙන් බැට කන්නෙ? බැටෙකන්නෙ සුළු හා මධ්‍ය පරිමාණයෙ පිරිස. හැට හැතතෑ දහසක් එතන අසරණ වෙලා තියෙනව.

සංචාරකයො ගැන කතාකරනව නම්, සංචාරකයො ගෙනයන වාහන බොහොමයකට මෙ අර්බුදය පැනනැගිලා තියෙනව. අනිත් පැතතෙන් කොවිඩ්. කොවිඩ් එක නිසා බස් රියෙ දුම්රියෙ වැඩට යන එක සීමා කළා. සීමා කරලා තමන්ගෙ පුංචි මොටර් රථ වලින් වැඩට යන්ඩ පටන්ගත්තා. ඒ පුංචි මෝටර් රථවල ටයර් අද නෑ. දැන් ඒ පුංචි මෝටර් රථ කොටඋඩ. එතකොට මෙහෙන් කොවිඩ් එනවා. ඉතින් මේ වගෙ හැම පැතතෙන්ම මිනිස්සු තෙරපීමකට ලක්වෙලා තියෙනව, කොවිඩ් එක නිසාම විතරක් නෙමේ. ආණ්ඩුවෙ ප්‍රතිපත්තිමය කරණු කාරණා නිසා.

පොහොර සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. සාමාන්‍ය අදහස 10% සිට 40%ට අස්වැන්න අඩු වෙනව. පොහොර සම්පූර්ණයෙන්ම නවත්තලා ආණ්ඩුව  මොනවද ඉතිරි කරගන්න බලාපොරොත්තු වෙනනෙ? ඩොලර් බිලියන දෙසීයකයි, ඊට අමතරව මිලියන තිසපහකයි. දැන් පොහොර සමපූර්ණයෙන් නැවැත්තවොත් ඒකෙන් අඩුවෙන ආහාර අඩුවීමෙන් සහල් අඩුවීම ගත්තොත් රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් . වෙන වචන වලින් කියනව නම් ඩොලර් මිලියන 500 ප්‍රමාණයක හාල් පිටරටින ගෙන්න එපායැ. රපියල් මිලියන 35ක පොහොර සහනාධාරය

රකින්න ගිහිල්ලා රුපියල් බිලියන 100ක හාල් ගෙන්වනව. ඩොලර බිලියන 200ක බේරගන්න ගිහිලලා පොහොර ගණන් ගිහිලලා ඩොලර බිලියන 500ක හාල් ගේනවා. ඇතතට ම මෙහෙම මොඩකම කරන්න පුළුවන් ද  කියල මටනම හිතා ගන්නවත බෑ. මොකද මෙක ඇස් පනාපිට පෙන්න තියෙන දෙයක්. මෙහෙම මොඩකම කරන්න පුළුවන් ද?  කියලා රටක. මේ  ආණ්ඩුවේ  සාමාන්‍ය ක්‍රියාදාමය ගත්තම ඕක පුදුමයකුත්. ඔය ආදාහනය ද භූමදානය ද කියලා රටෙ මහා කලබගෑනියක්  ඇතිකරල අවසානයෙ ජිනීවා සමළුව ආවම ඒකට අවසරය දුන්නා.

රකින්න ගිහිල්ලා රුපියල් බිලියන 100ක හාල් ගෙන්වනව. ඩොලර බිලියන 200ක බේරගන්න ගිහිලලා පොහොර ගණන් ගිහිලලා ඩොලර බිලියන 500ක හාල් ගේනවා. ඇතතට ම මෙහෙම මොඩකම කරන්න පුළුවන් ද  කියල මටනම හිතා ගන්නවත බෑ. මොකද මෙක ඇස් පනාපිට පෙන්න තියෙන දෙයක්.

උදේ ගහන ගැසට් එක හවස රිවස් කරනව. ඔය වගෙ වැඩ ගොඩක් පහගිය කාලෙ වුණා. ප්‍රතිපත්තියක් නොමැති කමින්. දැන් පුරසාරම් දෙඩුවට කෙසේවත් ආපසු ගන්නෙ නෑ – අරව මේව කියල ඕවා අනාගතේ රිවස්ගහන්නත් පුළුවන්. සමහර විට විපක්ෂට දොස් කියල ඕවා රිවස්ගහන්නත් පුළුවන්. මොකද මේවයින් ඇති වෙන සමාජ බලපෑම ගැන කිසිම තක්සේරුවක් නෑ. අද ප්‍රධාන හෝටල්වල සූපවේදියො පාරේ පොල් රොටී විකුණනව. තව සමහරුන්ට ජීවත්වෙන්න කිසිම ක්‍රමයක් නෑ. තව සමහර පිරිසක් යම් ආදායමක් රැඳෙනව. අපි දැක්කා පහුගිය කාලේ යාල, ඒ වගේම නුවරඑළියෙ, දකුණේ හෝටල් පිරිලා. දේශීය පිරිස. මේවා යම් ප්‍රමාණයකට සීමා කරල – විධිමත් කරණයක් කරල – අඩුමගානේ මේ අර්බුදය පහව යනකල්වත් අපි පාලනය කරන්න ඕනෙ.

ඒ වගේ ම මතක තියාගන්න මේ අර්බුදයත් එක්ක ඇතිවන මානව කලකිරීම විශේෂයෙන් ම වෘතීයවේදීන් හා යමක් කමක් තියෙන මිනිස්සු අතරෙ ඒ කලකිරීම ඉතා ම බරපතළ යි. ඉන්දියාවෙ අද මේ දේ වෙලා තියෙනව. ඉන්දියාවෙ හිටිය මහා ලොකු නළු නිළියො, මහා දැවැන්ත ව්‍යාපාරිකයො, ඒ වගේ ම කීර්තිධර වෘත්තීයවේදියො, අද දෙන්නා තුන්දෙනා නෙමෙයි රටෙන් යන්නෙ. පවුල් පිටින් ලක්ෂ ගණන්. ඒ නිසා තමයි, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව ඉන්දියානුවන් එන එක නතර කරලා තියෙන්නෙ. ඉන්දියාව මානව කාන්තාරයක් බවට පත්වෙමින් තියෙනව. ලංකාවටත් මේ තත්ත්වය උදා වෙනවා මේ කෝවිඩ් එකෙන් පස්සෙ.

ලංකාව සෞභාග්‍ය මග ඔස්සේ යන දැවැන්ත දියුණුවක් කිරීම සඳහා ප්‍රාර්ථනා කරපු අයගේ ප්‍රතිඵලය වෙන්නෙ මොකක්ද? අවසානයේ මේ රට දාලායන වෘත්තීයවේදී ප්‍රවාහයක් ඇති වීම. රට ඇතුළෙ. මේක ඉතාම බරපතළ යි. මේ රට මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා මේක ගැන මීට වඩා විධිමත්ව වගකීමෙන් හිතන්න ඕනැ. පළමුව මතක තබාගත යුතු වැදගත් ම දේ තමයි ආණ්ඩුව ජනාධිපතිතුමා අගමැතිතුමා වැනි අය, මුදල් අමාත්‍යාංශය තමන් ගන්නා සෑම පියවරකින් ම ඇතැම් දේවල් වලින් තමන් ම රැවටීමකට ලක්වෙන්න පුළුවන්කියන එක. දැන් උදාහරණයක් හැටියට මහ බැංකුව මෙවර ඒ ගොල්ලන්ගෙ වාර්තාවෙ තමන්ගෙ ණය ප්‍රමාණය රුපියල් බිලියන 406කින් අඩුකරගෙන තියෙනව. කොහොමද අපේ විදේශවල තියෙන සවරින් බොන්ඩ්, ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් – අයි.එස්.බී. වල වටිනාකම බාල්දු වුණා. ලංකාවට ණය ගෙවාගැනීමෙ හැකියාව බාල්දු වෙනවත් එක්කම. ඒ බාල්දු වීම තමන්ගෙ ජයග්‍රහණයක් හැටියට පෙන්නල (මම ඕක පෙන්නල දුන්නා) දැන් ණය ප්‍රමාණය අඩුකරල තමන්ගෙ ජයග්‍රහණයක් හැටියට පෙන්නල තියෙනව. ඉතින් මෙකෙන් සැනසී සිටීමට එක දවසක කියනව ඔන්න ඩොලරය අපි ආරක්ෂා කළා කියල. අනිත් දවසෙ ඩොලරය නැතිවෙනව. ඇතතට ම අද ඩොලරය ආරකෂා කරගෙන තියෙන්නෙ තෙල්වලට ගෙවන්නෙ නැතුව.

ලෝක බලශක්ති අර්බුදයක අතළඟ එනව. ඉදිරි විදුලි බලාගාරයක් හදන්න මුලගල තිබබා. අද වෙනකම් ඒකෙ බලශක්ති මිල දී ගැනීමෙ ගිවිසුම පී.පී.ඒ. එක, ඒ කියන්නෙ පවර් පර්චසින් ඇග්‍රිමන්ට් එක අතසන් කරගන්න බැරි වුණා – මාස 13ක මේ ආණ්ඩුවට. ඉතින් එහෙම පාලනයක්.  ලී ක්වාන් යූ ල ගෙ පාලනයක් නෙමෙයි මේ.  මෙගාවෝට් 03ක් ගහගන්න බෑ, යාපනේ. ඒක චීන පිරිසකට ලබාදීලා ඒක ඉන්දියාවත් එක්ක දේශපාලන ගැටුමකට ගියා. මේගා වෝට් 24ක් අපි එදා යාපනේ ගැහුවා උතුරු ජනනී කියල විදුලිබල මණ්ඩලයෙ උප සමාගමක් විදිහට.  ඒකට මුදල් උපයාගත්තෙ ලෙකො ආයතනයෙ ලාබෙන්. රාජ්‍ය ආයතන ඔක්කොම අද විනාශයි. රාජ්‍ය ආයතන අන්ත පාඩුවට අද දුවන්නෙ. ප්‍රධාන බැංකු දෙක අද සම්පූර්ණයෙන් විනාශ කරල තියෙන්නෙ. ප්‍රධාන බැංකු දෙකේ අද ඩොලර් නෑ. මොකද තෙල් බිල ගෙවන්න එල්.සී. ගෙවල. ප්‍රධාන බැංකු දෙකෙන් රුපියල් බිලියන එක්දහස් දෙසියක් මේ මාස 14ට අරගෙන ඉවරයි.

ආර්ථිකය කෑවයි කියන යහපාලනය, මුදල් අච්චු ගහල තියෙන්නෙ රුපියල් බිලියන 28ක විතරයි. ඊළඟ මාස දොළහෙ සල්ලි අච්චුගහල තියෙනව, රුපියල් බිලියන 880ක. මේක තමයි ආර්ථික කළමණාකරනය, මේක තමයි සෞභාග්‍යයේ මග, මේක තමයි මේක තමයි වැඩකරන විරුවගෙ කතාව. වැඩකරල තියෙන්නෙ අන්තිමට බියගම සල්ලි අච්චුගහන මැසිමයි, සී අයි ඩී එකයි, සී.සී.ඩී. එකයි විතරයි.

මේ ආණ්ඩුව ප්‍රධාන බංකු දෙකට අමතරව මහ බැංකුවෙන් බිලියන 800ක් අරගෙන ඉවරයි. හොඳ උදාහරණයක් තමයි 2019 ඔය කියන යහපාලනය, ආර්ථිකය කෑවයි කියන යහ පාලනය, මුදල් ඇමතියි, මුදල් රාජ්‍ය ඇමතියි, ජනාධිපතියි ආර්ථිකය කෑවයි කියන යහපාලනය, මුදල් අච්චු ගහල තියෙන්නෙ රුපියල් බිලියන 28ක විතරයි. ඊළඟ මාස දොළහෙ සල්ලි අච්චුගහල තියෙනව, රුපියල් බිලියන 880ක. මේක තමයි ආර්ථික කළමණාකරනය, මේක තමයි සෞභාග්‍යයේ මග, මේක තමයි මේක තමයි වැඩකරන විරුවගෙ කතාව. වැඩකරල තියෙන්නෙ අන්තිමට බියගම සල්ලි අච්චුගහන මැසිමයි, සී අයි ඩී එකයි, සී.සී.ඩී. එකයි විතරයි.

මර්ධනය තමයි අද එකම උත්තරේ. වෙන කිසි උත්තරයක් නෑ. ඉතින් ඒ නිසා මේ කරන වැඩවල සමාජ වගකීම ගැන මීට වඩා වගවෙන්න ඕනැ. අද මේ සිදුවෙන්නෙ සහාසික මානව අපරාධයක්. වළක්වා ගත හැකිව තිබෙන මානව අපරාධයක් තමයි මේ වසංගතයෙන් මියයන මිනිස්සු, දුකට පත්වෙන මිනිස්සු ඒ වගේ ම මේ වසගතය නිසා වෛද්‍ය අපහසුකම් නිසා වෙන රෝගාබාධ ඇතිවෙනව. ඒවා ගැන කවුරුවත් හොයන්නේ නැහැ. පිළිකා රෝගය, හෘද රෝගය, වකගඩු අමාරුව නිසා මිය යන පිරිසක් මේ වසංගතය නිසා තමන්ට වෙලාවට තමන්ගෙ ඖෂධ ටික ලබාගන්න බැරිවෙලා. එහෙම නැත්නම් සැත්කම කරගන්න බැරිවෙලා එහෙම තියෙනව. ඒවා මානව ඛේදවාචකයන්. මේවා මානව අපරාධ මේ මියයන හැම කෙනෙක් ගානෙම. අපි දන්නෑ ඇත්ත ගාණ කීයද කියල, මේ මානව අපරාධයට විද්‍යානුකූලව මේ රටේ ඉන්න වෛද්‍ය ප්‍රජාව හා සෞඛ්‍ය ප්‍රජාව යොදා නොගනිමින්, මේක ජවාරමක් කර ගනිමින් එක පැත්තකින්, අනික්පැත්තෙන් මේක කරන්න කිසිම සුදුසුකමක් නැති පිරිසකට මේක කරන්න බාරදීමෙන්, අනිත් පැත්තෙන් මෝඩ උද්දච්චකම්වලින් ගමන් කරපු පිරිස වගකිව යුතුයි මේකට.

මම කියනව, වසංගතයට අමතරව සාගතයක් කරා රට ගමන් කරමින් තියෙනව. බංකලොත්භාවය කරා ණය ගෙවාගැනීමට නොහැකිව රට ගමන් කරමින් තියෙනව. බලශක්ති අර්බූදයකට රට ගමන්කරමින් තියෙනව දැන් මේ වෙනකොට. ඒක තමයි මේ සෞභාග්‍ය මගේ අවසාන ප්‍රතිඵලය වෙන්නෙ. හැබැයි මේ ඔක්කොට ම විසඳුම් තියෙනව. මේ ඔක්කොම නිවැරැදිව විසඳාගන්න පුළුවන් කුසලතා පූර්ණ මිනිස්සු ආර්ථික ක්ෂේත්‍රයෙත් ඉන්නව. බලශකති ක්ෂේත්‍රයෙත් ඉන්නව. ඒ වගේම ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේත් ඉන්නව. සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් ඉන්නව. මේ නිසි පිරිසට නිසි තැන නොදී පවුලක උමතු බලකාමය මත ඒ වගේ ම තමන් වටේ ඉන්න වෘත්තීයවේදීන් යැයි කියාගන්නා දාසයින්ව විස්වාස කරල රට ඉදිරියට ගෙනිච්චොත්, රට මේ ඛේදවාචකයට වැටෙන එක වළක්වන්න බෑ. දැනුත් වැටිලා තියෙන්නෙ.

මේක ඇත්තට ම අගාදයෙන් වැටෙද්දි, අර බෞද්ධ ජාතක කථාවක තියෙන වගේ  ‘ගත දැවටෙන මේ සීත සුළං රැලි – අහෝ සැපයි කීවාලු’ කියලා කියනව අර වැටෙන පුද්ගලයා.  ආන්න ඒ වගේ තත්ත්වයක් තමයි අද අපිට මේ හැමතැනින්ම ඇහෙන්න දකින්න ලැබෙන්නෙ. අගාධයෙන් ඇද වැටෙන ගමන් අහෝ සැපයි කියන වදන් තමයි අපිට හැම තැන ම ඇහෙන්න තියෙන්නෙ. නමුත් මරණයේ වේදනාව, රෝගාබාද වලින් පෙළෙන අයට තියෙනව. කුසගින්නේ වේදනාව එදිනෙදා ආදායම් අහිමි වේච්ච පිරිස්වලට තියෙනව. ඉදිරි කාලයේ දී ණය ගෙවාගත නොහැකිව

බංකලොත්වීමේ වේදනාව බැංකු ක්ෂේත්‍රයට, ඒ වගේම ෆයිනෑන්ස් කම්පැනිවලට, ඒ වගේම රටක් හැටියට ශ්‍රී ලංකා මහබැංකුවට තියෙනව. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තියෙනව, රේගුවට තියෙනව, ව්‍යාපාර ක්ෂේත්‍රයට මේ වේදනාව තියෙනව. මේ වේදනාව හරහා තමන්ගේ දේශපාලන බල වූවමනාවන්, තමන්ගේ බල වූවමනාවන්, ඇත්ත කතා කරන මිනිස්සුන් සී.අයි.ඩී. යට දක්කාගෙන යාමේ බල වූවමනාවන් මගින් මේක විසඳගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා දැන්වත් මේ රට, පවුල්වල ඉන්න පුද්ගලයින් පුම්බන්න, පවුලක් මත යැපෙන්නේ නැතිව ඉදිරියට යන්න, දේශපාලන දාසයින් මත නෙමෙයි, නියම වෘත්තීයවේදින්, නියම සමාජ ක්‍රියාකාරකයින්, නියම ගොවි මහත්තුරුන්, නියම සංචාරක ව්‍යාපාරිකයින් ඇතුළු මේ පිරිස අතට දේශපාලනයයි, ආර්ථිකයයි, සමාජයයි ගන්න කාලය නම් එළඹිලා තියෙන්නෙ.

පාඨලී චම්පික රණවක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *