විමල්ගේ කණ්ඩායම දණ ගසති ; පක්ෂ නායක රැස්වීමට බැසිල්ගෙන් එකොළහක් එති ; විමල්ලා විරෝධය හකුලා ගනිති

පක්ෂ නායකයින් නොවන තවත් පිරිසක් සහභාගී වන බැවින් ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව කියා පසුගිය රැස්වීම් දෙකක් වර්ජනය කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ පක්ෂ 11 කණ්ඩායමේ නායකයෝ ශ්‍රී ලනක පොදුජන පෙරමුණෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු එකොලොස් දෙනෙකු සහභාගී වීම පිළිගෙන ඊයේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ බව වාර්තා වෙයි.

තමන්ට වැඩි නියෝජනයක් නොදෙන්නේ නම් පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන්වීමෙන් පසුව ඔවුන්ගේ වැඩි පිරිසකට සහභාගී වීමට ඉඩ දීමට විමල් ප්‍රමුඛ කණ්ඩායම එකඟ වී තිබේ.

ඒ අනුව ඊයේ සවස අරලියගහ මැදුරේ පැවතී පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, ජී එල් පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, සී.බී රත්නායක, එස්.එම් චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග, රොෂාන් රණසිංහ යන මැති ඇමතිවරුන් සමග පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ද  සහභාගී වී සිටි බව වාර්තා වෙයි.

සන්ධානයේ අනෙක් පක්ෂ වෙනුවෙන් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ ලේකම් ටිරාන් අලස්, ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම් අතාවුල්ලාහ්, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහත්වරු සහභාගී වී සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *