‘‘එක මවකගෙ දරු කැළ’’ කියල ජාතික ගීතයේ තියෙන අදහස ප‍්‍රායෝගිකව ඔප්පු කළ යුතුයි. – උතුරු පළාත් හින්දු සංගමයේ සභාපති පී. සිවලෝගනාදන් හින්දු පූජක තුමා…

ජාතික ගීතය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කරීම ගැන ඉතාමත්ම සතුටට පත්වෙනව. සිංහලෙන් ගායනා කරපු ජාතික ගීතයේ තෙරුම මොකක්ද කියල දැන් තේරෙනව. ‘‘එක මවකගෙ දරු කැළ’’ කියල ජාතික ගීතයේ තියෙන අදහස ඉතාම විශිෂ්ඨයි. එය ප‍්‍රායෝගිකව ඔප්පු කළ යුතුයි. රටේ සියලූම ජනතාවට සමානව සැලකියයුතුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහකිරීමටත්, යහපාළනයක් ඇති කරගැනීම සඳහා නව ජනාධිපතිවරයෙක් පත් කරගැනීමටත් උතුරේ ජනතාවගේ ඡුන්දය තීරණාත්මක සාධකයක් බවට පත්වුනා. ඔවුන් මීට වසරකුත් මාස තුනකට පමණ පෙර ගත් තීරණය පිළිබඳව සෑහීමකට පත්වෙන බවක් තියෙනවද? යහපාළන ජනාධිපති හා රජය පිළිබඳව අද ඔවුන් මොකද කියන්නෙ?

සියයට සියයක්ම ඔවුන් සෑහීමකට පත්වෙලා ඉන්නවා කියල කියන්න බැහැ. එහෙත් බොහෝ දුරට ඔවුන් සෑහීමකට පත්වෙලා තියෙනව කියල කියන්න පුළුවන්. නමුත් ඔවුන් තවත් වෙනස්කම් බලාපොරොත්තුවෙනව. කොහොම වුනත් මහින්ද රාජපක්‍ෂ පාළනය වගේ නෙමෙයි. එම පාළනයට සාපේක්‍ෂව ජනතාව සතුටින් ඉන්නවා. එහෙත් ඉතාමත්ම සතුටින් ඉන්නව කියල කියන්න බැහැ.
මොනවද ආණ්ඩුවෙන් තවත් කෙරෙන්න  ඕනැ කියල ජනතාව බලාපොරොත්තුවෙන්නෙ?

බලාපොරොත්තු රැුසක් තියෙනව. එයින් අවම වශයෙන්වත්, කඩිනමින් ඉටුකළයුතු කරුණු කිහිපයක් මම කියන්නම්. යුද්ධය පැවති වකවානුවේ අධිආරක්‍ෂක කලාප සඳහා පවරාගත් ඉඩම් ඔවුන්ට ලබාදිය යුතුයි. එම කටයුත්ත සිදුකෙරෙන්නේ ඉතාමත් මන්දගාමීවයි. එය කඩිනමින් ඉටු කළ යුතු කරුණක්. පළාත් සභාවලට මීට වඩා බලතල දිය යුතුයි. ඉඩම් පිළිබඳ ගැටළු රැුසක් තියෙනව. ඒවා විසඳීමේ බලයවත් පළාත් සභාවට ලැබිය යුතුයි. ඒ වගේම පොලිස් බලතලත් යම් ප‍්‍රමාණයකට දියයුතුයි. සම්පූර්ණ බලයම නෙමේ. යම් ප‍්‍රමාණයක බලතල ලබාදිය යුතුයි.

පසුගිය නිදහස් දිනයෙන් පසුව ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම ගැන විවිධ අදහස් ප‍්‍රකාශවුනා. ඒ පිළිබඳව උතුරු පළාතේ ජීවත්වෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ හැ`ගීම?

ඔවුන් ජාතික ගීතය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කරීම ගැන ඉතාමත්ම සතුටට පත්වෙනව. සිංහලෙන් ගායනාකරපු ජාතික ගීතයේ තෙරුම මොකක්ද කියල දැන් තේරෙනව. ඒකෙ තියෙනව ‘‘එක මවකගෙ දරු කැළ’’ කියල. ඒ අර්ථය ප‍්‍රායෝගික කළ යුතුයි. රටේ සියලූම ජනතාවට සමානව සැලකිය යුතුයි.

ජනතාව ඍජු දේශපාලන ප‍්‍රශ්න වලින් බැහැර එදිනෙදා ජීවිතයේ දී මුහුණ පාන ගැටළු රැුසක් තියෙනව. බඩු මිල ඉහළ යෑම. විදුලි කප්පාදුව, ලෝක වෙළෙඳපොලේ ඞීසල්, පෙට්ට‍්‍රල් මිල අඩුව තිබියදීත් ඊට සාපේක්‍ෂව ඉන්දන මිල අඩුනොවීම වැනි ප‍්‍රශ්න. මේ ප‍්‍රශ්න පිළිබඳව උතුරේ ජනතාවගේ ප‍්‍රතිචාරය මොනවගේද?

ඒ ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡුාවක් තියෙනව. ආණ්ඩුව බලයට පැමිණි පසුව කඩිනමින් බඩුමිල අඩු කෙරුව. එතකොට ජනතාව සතුටු වුනා. දැන් ලෝක වෙළඳපොලේ මිල අඩුවුනත් මිල අඩුවීමක් දකින්න නැහැ. එතකොට ජනතාව මහින්ද මහතාගේ රජය කෙරේ තිබුණ ආකල්පයම මේ ආණ්ඩුව කෙරෙහිත් ඇති කරගන්න පුළුවන්. තවම ආණ්ඩුව බලයට ඇවිත් එතරම් කාලයක් නැති නිසා දැඩි කළකිරීමක් ඇති වෙලා නැහැ කියල කියන්න පුළුවන්.

වෘත්තීය සමිති ඉල්ලීම්, විරෝධතා ව්‍යාපාර විටින් විට පැන නගිනව. විවිධ ඉල්ලීම් ඉදිරිපත් වෙනව. ඒ වගේම ඔබලාගෙත් යම් යම් කරුණු පිළිබඳ විරෝධතාවන් පැන නැගී තියෙනවද? ඔබලාට රජයෙන් ඉල්ලන්න තියෙන ඉල්ලීම් මොනවද?

අපිට පේනව වෛද්‍යවරු වාහන බද්ද අයින් කරවා ගැනීම ගැන දැඩි සටනක යෙදෙනව. ඒ වගේම පූජකවරුන් වශයෙන් අපි ඉල්ලනව අපිටත් බද්දෙන් නිදහස්ව රථවාහන ගන්න අවස්ථාව දෙන්න කියල. පොදු ජනතාවටත් මේ වාහන බද්ද බරක්. දිගු කාලයක් පීඩනය පත්වෙලා හිටපු උතුරේ ජනතාවටත් අතමිට සරුවෙනකොට වාහනයක අවශ්‍යතාව ඇතිවෙනව. මේ විදිහට ටැක්ස් වැඩි වුණොත් ඒක ඉෂ්ට කරගන්න බැරිවෙනව. රජයේ බොරු වියදම් අඩු කෙරුවොත් ජනතාවට මීට වඩා බදු සහන ලබාදෙන්න පුළුවන්වෙයි.

එදා සිටම යාපනේ ගොවියන් කෘෂි නිෂ්පාදන සඳහා විශේෂීකරණයක් දක්වන පිරිසක්. ගොවියාගේ වී අස්වැන්න, ලූණු, එලවළු වැනි් නිෂ්පාදන සඳහා සාර්ථක අලෙවි යාන්ත‍්‍රණයක් තියෙනවද? නැත්නම් ගැටළු පැන නැගී තියෙනවද? එසේ නම් ඒවා විසඳීමට රජයේ මැදිහත්වීම සාර්ථකව සිදුවෙනවද?

ගොවියා යුද්ධයෙන් පසුව යළිත් තම කුඹුරට, කොරටුවට බැස නිෂ්පාදන ක‍්‍රියාවලිය කරගෙන යනව. කියන්න තරම් විශේෂ ගැටලූ නැහැ. දැන් ප‍්‍රවාහන පහසුකම් තියෙනව. මාර්ග බාධක වල රස්තියාදුවීමක් නැහැ. මාර්ග බාධක සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් වී තියෙනව. ඒක නිෂ්පාදන අලෙවිකරගන්න පහසුවක්.

රසායානික පොහොර භාවිතයෙන් ඉවත් වී කාබනික පොහොර භාවිතයට ගොවි ජනතාව යොමු කරවීමේ වැඩපිළිවෙලක් රජය ක‍්‍රියාත්මක කරනව. ඒ පිළිබඳ දැඩි සාකච්ඡුාවක් මේ වන විට ඇතිවෙලා තියෙනව. මේ පිළිබඳව ඔබේ අදහස හා ගොවි ජනතාවගේ ප‍්‍රතිචාරය?

මම ඒ අදහසට සියයට සියයක්ම එක`ගයි. කෘෂිරසායනික ද්‍රව්‍ය සහ පොහොර නිසා සරුපස විනාශවෙනව. එයින් නිපදවන භෝග පරිභෝජනයෙන් ජනතාව රෝගීන් වෙනව. ජලයට වස විස එකතුවීමෙන් වකුගඩු වැනි දරුණු ලෙඩරෝග ඇති වෙනව. එම නිසා එම ක‍්‍රියා පිළිවෙත ඉතාමත්ම ප‍්‍රශංසනීය පියවරක්. යාපනේ ගොවියාද කාබනික පොහොර භාවිතය පිළිබඳ විශේෂඥයන් පිරිසක්. ඔවුන් ගොම, ගස්වල කොළ,  කකුල්, එළු වසුරු පවා ඉවත දැම්මේ නැහැ. නමුත් කාලානුරූපව ඔවුන් ද රසායනික පොහොර භාවිතයට හුරු වුනා. දැන් ඔවුන් කාබනික පොහොර භාවිතය පිළිබඳව මොනවගේ ප‍්‍රතිචාරයක් දක්වයිද කියල බැලිය යුත්තේ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් තුළිනුයි. කෙසේ වෙතත් දැනුම්වත්භාවය තුළින් කාබනික පොහොර භාවිතයට ගොවි ජනතාව යොමු කිරීම නම්, පරිසරය අතින් බැලූවත්, සෞඛ්‍යය අතින් ගත්තත් රජය ගත් ඉතාම විශිෂ්ට පියවරක් කියල කියන්න පුළුවන්. අනාගත නිරෝගීමත් ජනතාවක් එමගින් ඇති කරන්න පුළුවන්.

එකම රටක ජනතාවක් වෛරක්කාරයන් බවට පත්කරන්න ප‍්‍රබලම හේතුව බවට පත්වුනේ, ජාතීන් අතර නිරායාසයෙන් පැනනැගුන විරසකයක් නොව, දේශපාලඥයන් විසින් ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථයන් උදෙසා වරින් වර නිර්මාණය කරන ලද විරෝධතා ආකල්ප බව ජනතාවට අවබෝධ වෙමින් තියෙනව. එය දකුණේ මහින්ද, සිරිල් මැතිව්, ගම්න්පිල, දිනේෂ්, වැනි දේශපාලන නායකයන්ද? ගලබඬේ අත්තේ ඥාණසාර වැනි පූජකයන් යයි කියාගන්නා පිරිස හා උතුරේ දේශපාලඥයන් මෙන්ම, විජේවීර, ප‍්‍රභාකරන් වැනි රැුඩිකල් කණ්ඩායම් නායකයින් විසින්ද නිර්මාණය කරන ලද්දක් බව අද දවසේ කියැවීමයි. එමගින් ජීවිත දහස් ගණනක් අහිමි වූ අතර මිල කළ නොහැකි තරමේ දේපළ විනාශයක් සිදු වුනා. මේ තත්ත්වය යථාරූපව දැකීමට දකුණේ ජනතාව පෙළගැසී තියෙනවද?

ඔව්. යම් ප‍්‍රවනතාවක් තියෙන බව පේනව. වතුර උණු වුනාට පස්සෙ එකපාරම නිවන්න බැහැ. එය ටික ටික තමයි නිවන්න පුළුවන්. එයට කාලයක් ගතවෙන්න පුළුවන්. රටේ ජනතාව කුලල්කාගැනීමේ වාසිය පාළකයන්ටයි. සමස්ථ ජනතාව සිටිය යුත්තේ එකම පිලකයි. අපිව කොටවන්න දේශපාලඥයන් සූදානම් වෙනව නම් අපි එය තේරුම්ගත යුතුයි. ඔට්ටුවට කුකුල්ලූ කොටවල කොයි පිල දිණුවත්, තුවාල සිද්ධ වෙන්නෙ, ජීවිත අහිමි වෙන්නෙ ගැටුමට පත්වූවන්ටයි. එම නිසා ජාතින් අතර සහයෝගය ඇති කරගනිමින්, එකම රටක ජනතාවක් වශයෙන් ප‍්‍රශ්න වලට මුහුණදිය යුතුයි. සියලූ ආගම්වලම හරය වෛරයෙන් තොරව සාමයෙන් ජීවත්වීමයි.
අද දවසේ යාපනයේ දේශපාලයේ ජනතා බලය තියෙන්නේ කාටද? ඉදිරි මැතිවරණයකදී යාපනයේ ජනතාවගේ හැසිරීම මොනවගේ වෙයිද? යහපාළන ක‍්‍රියාවලිය තුළින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත්, එ.ජා.ප.යටත් උතුරේ දේශපාලන බලයක් ව්‍යාප්ත කරගැනීමට හැකිවෙයිද?

එය අද කරන ක‍්‍රියාකාරකම් වල ප‍්‍රතිඵලයක් ලෙස අනාගතයේදී අත්විඳිය යතු දෙයක්. අතීතයේදී රටේ ප‍්‍රධාන පක්‍ෂ දෙකටම උතුරේ සැලකියයුතු බලයක් තිබුණ. හෙක්ටර් කොබ්බෑකඩුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවෙත් ඔහු වෙනුවෙනුත් ජනතාව පෙළගැසුනා. එහෙත් කොහොමවත් ජනාධිපති ධුරයවත්, අගමැති දුරයක්වත් කවදාවත් උතුරේ පුද්ගලයෙකුට ලැබෙන්නෙ නැති විදිහටයි ප‍්‍රධාන ධාරවන් සකස්වී තිබෙන්නෙ. ඉතින් අපිට ලැබෙන්නේ විපක්‍ෂය නම් අපි විපක්‍ෂය සක්තිමත් කරගත යුතුයි. එම නිසා ටී.එන්.ඒ. එකට තමයි ද්‍රවිඩ ජනතාව ඡුන්දය පාවිච්චි කරන්නෙ.

මහින්ද රාජපක්‍ෂගේ පරාජය පිළිබඳ විග‍්‍රහකිරීමේ දී ඔහුගේ පරාජයට බලපාන ලද කරුණු අතරින් ප‍්‍රධානතම කරුණක් වෙන්නේ ඔහුගේ උග‍්‍ර සිංහල ජාතිවාදය බවයි බහුතර අදහස වෙන්නෙ. ඔහු පරාජයෙන් පාඩම් ඉගෙනගත්ත බවක් පෙනෙන්න නැහැ. අදත් ඔහු ක‍්‍රියාකරන්නේ එම සංකල්ප මත ම බව පැහිදිලියි. අද ඔහු ජාතිවාදීන් කණ්ඩායමක් සමග (සිංහ ලේ* එක්වී යළිත් පාළන බලය අත්පත් කරගැනීමේ උත්සාහයක් තියෙනව. ඒ ගැන ඔබ දරණ අදහස කුමක්ද? අද පැරදුන මහින්ද බලවත් බව පෙන්වන්න උත්සාහ කරනව. අද මැතිවරණයක් තිබ්බොත් මහින්ද එදාට වඩා උතුරෙන් ඡුන්ද ලබාගනියිද?

මහින්ද මහත්තය කරපු හොඳ වැඩ දෙකක් තියෙනව. එකක් පාරවල් හොඳට හැදුව. අනික යුද්ධය අවසන් කෙරුව. ඒ දෙකට අපි ස්තූති කළ යුතුයි. ඔවුගේ ජාතිවාදය මෙන්ම පවුල්වාදයත් තරයේ ප‍්‍රතික්‍ෂේප කරනව. එතනදි ඔහු වැරදියි. ඔහු ඡුන්ද 65.000ක ප‍්‍රමාණයක් පසුගිය මැතිවරණයේ දී උතුරු පළාතෙන් ලබා ගත්තා අද එයින් භාගයක් තබා ඡුන්ද 25000ක් වත් ඔහුට ලබාගන්න අපහසුයි. ඒක තමයි ඇත්ත තත්ත්වය.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *