ලබන මස මුල දී රනිල් පර්ලිමේන්තුවට !

එකසත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය භාර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට කැමැත්ත පළ කොට ඇති බවත්, ඒ අනුව ලබන මස මුල දී ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බවත්, එජාප ආරංචි මාර්ග කියයි.

වජිර අබේවර්ධන, නවින් දිශානායක, රංගේ බණ්ඩාර මහත්වරුන්ගේ ඉල්ලීමක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් සමග සාකච්ඡාවකින් පසුව වික්‍රමසිංහ මහතා මෙම තීරණයට එළඹ ඇති බව කියති.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කොට තිබුණ ද, එය භාරගැනීම වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි.

මේ පිළිබඳව එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ඒ මහතා කීවේ රනිල් වික්‍රමසිංහ මහතා මේ මස අග දී හෝ ලබන මස මුල දී, ස්ථිර වශයෙන් ම, පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *