රුපියල වැටෙන්නේ සල්ලි අච්චු ගැසීමෙන් ; මෙහෙම කරලා රටවල් දියුණු කරන්න බැහැ – ධනනාත් ප්‍රනාන්දු

බොහො දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවෙ රුපියලයි ඩොලරයයි අතර තියෙන අගය කොහොමද මෙච්චර ඉක්මනට විචලනය වෙන්නෙ කියන එක.  මූලික වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනෙ, ආර්ථික විද්‍යාවෙදි අපි කියන ඉල්ලුමයි සැපයුමයි මත තමයි මිල තීරණය වෙන්නෙ කියල. ඩොලරයට තියෙන ඉල්ලුම සැපයුම මත තමයි ඩොලරයකට රුපියල් කීයක් ගෙවන්න වෙනවද කියල තීරණය වෙන්නෙ.

පහුගිය දිනවල අපිට ඩොලරය මිල දී ගන්න හැකි වුනේ රුපියල්  දෙසීයට, දෙසිය එකට, දෙසිය දෙකට වගේ අගයකට. අපිට චීනයෙන් ඇමරිකානු ඩොලර් පන්සීයක ණයක් ලැබුණා. ඒත් එක්කම  එක ඉතාමත් පහළ අගයකට ආවා. රුපියල් එකසිය අසූගණනක් වැනි අගයකට. නමුත් දිනකට පසු  නැවත වරක් ඒක ඉහළ ගිහින් තියෙනව. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ පහළ යන්න මූලිකම හේතුවක් තමයි, බොහෝ දෙනෙක් හිතන්නෙ මේක ආනයන අපනයන මත තීරණය වෙනව කියල. ඒක සමාජයේ තියෙන මූලික වැරැදි මතයක්.

ආනයන අපනයන බලපානව. නමුත්, මෙය තීරණය වෙන්නෙ සාමාන්‍ය භාෂාවෙන් කියනව නම්; මෙය තීරණය වෙන්නෙ අපි අනුගමනය කරන මුදල් ප්‍රතිපත්ති මත. වැඩිපුර මුදල් අච්චුගහන්න අච්චුගහන්න මේ අච්චුගහන මුදල් ආනයන පස්සෙ තමයි දුවන්නෙ. මොකද; ලංකාවෙ ආනයන ගත්තොත් එහෙම අපි ආනයනය කරන ප්‍රමාණය, දල වශයෙන් අපි 80%ක්ම අපි ආනයනය කරන්නෙ, අතරමැදි භාණ්ඩ හා අත්‍යාවශ්‍ය භාණ්ඩ නැත්නම්, ප්‍රාග්ධන භාණ්ඩ. සුඛෝපභෝගී භාණ්ඩ කියල අපි ආනයනය කරන්නෙ 20%කට වඩා අඩු ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ ඇඟලුම් ක්ෂේත්‍රයක අපි අපනයනය කරන ඩොලර් මිලියන 5ක 6ක වගේ මුදලක් ඩොලර් මිලියන 3ක වගේ මුදලකින් අපි ආනයනය කරන්න ඕනෙ අදාළ නූල් බොත්තම් වගේ අමුද්‍රව්‍ය. අපි ඒ ආනයනය කරන්න අවශ්‍යයි. ඉතින්, ආනයන තහනම් කළා කියල හෝ ආනයන අපනයන මත ඩොලරය තීරණය වෙන්නෙ නෑ. අපි මුදල් අච්චු ගහන්න ගහන්න සිදුවෙන්නෙ, ඒ මුදල් වෙනදටත් වඩා වැඩි වේගයකින් ආනයන පිටිපස්සෙ යනව. එවිට ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉතාමත්ම අවප්‍රමාණ වෙනව.

ඉතින් දැන් මෙතනදි මූලික වශයෙන් සිද්ධවෙලා තියෙන්නෙ, අපි ආනයන තහනම් කරල තියෙනනෙ. නමුත් අපි එන්න එන්නම මේ මොඩර්න් මොනිටරි තියරි කියන සංකල්පය යටතෙ, අපි එන්න එන්න මුදල් අච්චුගහනව.  මදල් අච්චුගහන්න අච්චුගහනන මේ මුදල් ආනයන තහනම් කරල තිබණත් ඉතුරුවෙලා තියෙන ආනයන කරනන පුලුවන් ප්‍රදේශ ඔස්සේ අපි සලලි දීලා ගන්නව. උදාහරණයක් වශයෙන්; වාහන ආනයන තහනම් කරල නම්, අවශ්‍ය කෙනා පරණ වාහනයක් ගන්නව. පරණ වාහනයක් ගත්තොත් ඒ වාහනය පරණ වෙද්දි එකට ස්පෙයාර් පාර්ට්ස් ගන්න ඕනෙ. කොම්පියුටර් එකක් ගනිද්දි එහෙමයි. ඔය වගේ හැම දෙකිනම අපි එක පැතතකින වියදම් කැපුවට සාමාන්‍ය ස්වභාවය තමයි ආර්ථිකයක අනිත් පැත්තෙන් ඒ වෙනුවෙන් වියදම් කරනව. එතකොට තියනවටත් වඩා වියදමක් අපි ආනයනය කරන්න යොමු වෙනව. එතකොට රුපියලට ඇති වෙන බලපෑම එන්න එන්නම වැඩිවෙනව. මෙතනදිත් සිදධ වුනේ මම හිතන්නෙ ඒකමයි.එ

විශේෂයෙන්ම අවුරුද කාලෙ පැමිණියා. අවරුදු කාලෙදි ජනතාවගේ පරිභෝජනය ඉතාමත්ම වැඩියි. අපි දනනව පොල් තෙල් වල ඉඳලා අපිට බොහෝ දේවල් ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනව. ඒ සඳහා මුදල් වැයවෙනවාත් එක්කම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වෙනව.

අනිත් පැතතෙන් අපි ආයෙත පාරක් ණයක් අරගෙන වෙළඳපොළට ඩොලර් ටික නිකුත් කරනව. අපේ සංචිත වලින හරි අපේ ඩොලර් ටික නිකුත් කළාට පස්සෙ නැවත වරක් රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙනව. ඒක පවත්වාගෙන යන්න පුළුවන් ඉතාමත් ම කෙටි කාලයයි. මම හිතන්නෙ අපේ රුපියල ශක්තිමත් වෙලා පැය ගාණක් යන්නටත් කලින් නැවත වරක් ඒක අවප්‍රමාණය වෙන්නට පටන්ගත්ත. ඉතින්, මේ ක්‍රියාදාමය අපි තේරුම් ගැනීම තමයි මූලික වශෆයන් වැදගත් වෙන්නෙ.

ඊට පස්සෙ මේ මොඩර්න් මොනිටර් තියරි යටතේ විශේෂයෙන් මුදල් අච්චු ගහල මේ වැඩේ හරියට වෙනව නම්, අපි අපෙ මූලික නිර්ණායක දෙස ආපස්සට හැරිල බලන්න ඕනෙ. අපි මාස ගණන් තිස්සෙ මුදල් අච්චු ගහනව. අපේ සංචිත ඩොලර් බිලියන 4.1 කට පහලට වැටිලා තියෙන්නෙ එක පැත්තකින්. අනික් පැත්තෙන් අපේ රුපියල සෑහෙන්න අවප්‍රමාණ වෙනව. ඉතිහාසේ වැඩිපුරම අවප්‍රමාණවීමකට ලක්වෙලා තියෙනව. අනික් පැත්තෙන් අපේ ජීවන වියදම එන්න එන්න ඉහළට යනව. අනික් පැත්තෙන් විදේශ ආයෝජකයන් විශාල වශයෙන් අපේ කොටස් වෙළඳ පොළ ඇතුලෙ ආයෝජන වලින් ඉවත් වෙලා යනව. ඒ වගේම කොටස් වෙළඳපොළ විශාල වර්ධනයක් ලබල තිබුණත් ඒකත් ස්ථාවර තත්ත්වයක නැත්නම් ස්ටැන්ඩඩ් වෙලා තියෙන්නෙ.

මේ අපේ මුදල් අච්චු ගැසීමේ ක්‍රමවේදය නිවැරැදි නම්, ඇයි අපේ සෑම ආර්ථික සංරක්ෂකයක්ම එන්න එන්න පල්ලෙහාට එන්නෙ කියල නැවත හිතා බලන්න ඕනෙ. මම හිතන්නෙ මෙතන වෙන දේ තමයි බොහෝ දෙනෙක්ට විශ්වාසයක් තියෙනව, ඇමරිකාව ඩොලර් ට්‍රිලියන දෙක තුනක් අච්චු ගහල තියෙනව, ජපානය සල්ලි අච්චුගහල තියෙනව. ඉතින් ඒ ගොල්ලන්ට සල්ලි අච්චුගහන්න පුළුවන් නම් ඇයි අපිට සල්ලි අච්චුගහන්න බැරි ඇයි කියලයි ගොඩක් කට්ටිය අහන්නෙ.

නමුත් ගැටළුව වෙන්නේ ඒ ගොල්ලන්ට සල්ලි අච්චුගහන්න පුළුවන්. ඒ ගොල්ලන්ගෙ රටේ තියෙන මුදල් ඒකකය ස්ථාවර මුදල් ඒකකයක්. ඒ වගේම අපි කියනව ඒ ගොල්ලන්ට තියෙන්නෙ ෆ්ලෝටීන් එක්ස්චේන්ජ් රේට් සිස්ටම් එකක්. විශේෂයෙන් ඇමරිකාවෙ. ඉතින් එහෙම වුණා කියලත් ඔවුන්ටත් ඕනෑවට වඩා මුදල් අච්චුගහන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඔවුන්ට මුදල් අච්චුගහන්න පුලුවන් ඒවා රිසව් කරන්සි නිසා.

ජපානයේ යෙන් එක, ඇමරිකානු ඩොලර් එක ලෝකේ ඕනැ රටක පිළිගන්නව. අපි ඩොලර් එකක් එළියට අරගෙන ගියොත් එහෙම ලෝකේ ඕනැ රටකට ගිහිල්ලා භාණ්ඩයක් හරි සේවාවක් හරි මිල දී ගන්න පුළුවන්. නමුත් ලංකාවෙ රුපියලක් අරගෙන ගියොත් එහෙම ඒක එහෙම කරන්න බෑ. අන්න ඒ ප්‍රශ්නෙ නිසා තමයි ලංකාවෙ කොච්චර රුපියල් අච්චු ගැහුවත්, අපිට මේ ප්‍රශ්නෙන් එළියට එන්න බැරි හා අපි ප්‍රශ්නයේ තවදුරටත් ගැඹුරට යනව කියන එක තමයි මගේ අදහස.

ඉතින්, ඒ නිසා අපි මේකෙන් එළියට එන්න නම් මුදල් අච්චුගැසීම මූලික වශයෙන් නවත්වන්න අවශ්‍යයි. නැත්නම් අපි ණය අතරිනුත් ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ වගේම අපි අපේ සංචිත ටිකත් නැතිකර ගන්නව. ඒ වගේම ඩොලරයට සාපේක්ෂව අපේ රුපියලත් අපි අවප්‍රමාණය කරගන්නව. අපේ ජීවන වියදමත් අපි වැඩි කරගන්නව. හැම පැත්තෙන්ම අපි පරාජය පැත්තට තමයි අපි යන්නෙ. අපි වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගැහුවොත්…. ඒක තමයි ඩොලරයට සාපේක්ෂව මේ දිනවල වෙන්නෙ.

 

ධනනාත් ප්‍රනාන්දු

.

 

 

https://www.youtube.com/watch?v=SFdiYgBS_S4

 

 

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *