ඊයේ අලුත් කොවිඩ් ආසාදිතයින් 2573 ක් ; මරණ 26 ක්

ඊයේ දිනයේ අලුතින් වාර්තා වී ඇති කොවිද19 ආසාදිත සංඛ්‍යාව 2573 කි.

එමෙන් ම මරණ 26 ක් ද ඊයේ දිනයේ වාර්තා වී ඇත. එය දිනක දී වාර්තා වූ ඉහළ මමරණ සංඛ්‍යාව යි.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 128,419 කි.

මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 827 කි.

පී සී ආර් පරීක්ෂණ කිරීමේ ප්‍රමාදයක් ඇති නිසා සැබෑ අසාදිත සංඛ්‍යා වාර්තා නොවන බවත්, දැනට වාර්තා වන්නේ දින තුනකට පෙර තත්ත්වය බවත් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි.

මේ වනවිට පී සී ආර් සාම්පල් 25,000 ක් පමණ ගොඩගැසී ඇති බව එම සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *