තානාපතිවරුන්ගේ විරෝධය හමුවේ පාම් ඔයිල් තහනමත් රිවස් කරයි !

පාම් තෙල් ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ තහනම අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ විරෝධය හමුවේ අදාල තහනම ඉවත් කිරීමට සිදුව ඇති බවයි.

මෙරට සිටින, එම රටවල තානාපතිවරුන් වෙළඳ අමාත්‍යවරයා අමතා පවසා තිබෙන්නේ එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එකඟතා උල්ලංඝනය කිරීමක් බවයි.

මෙම තත්ත්වය හමුවේ පාම් ඔයිල් ආනයනය සඳහා ඉඩ ලබාදීමට සිදුව ඇති බවත්, ඒ අනුව ගුණාත්මක සහ පිරිසිදු පාම් ඔයිල් ආනයනය කිරීම සඳහ අවසර ලබාදීමට තීරණය කර ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *