ජෝ බයිඩන්ට තමන්ගේ වැඩක් බලාගන්න කියූ ආණ්ඩුව අමෙරිකාවෙන් ආධාර ඉල්ලයි

 

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු කොවිඩ් අර්බුදය හමුවේ එයට මුහුණ දීමට ආධාර කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමෙරිකා එකසත්  ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් අර්බුදයෙන් විපතට පත්ව සිටින තුන්වැනි ලෝකයේ රටවලට අවශ්‍ය ආධාර ලබාදීමට සුදානම් බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ද උපුටා දක්වමින් මෙම ඉල්ලීම කළ බව වාර්තාවන අතර ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා මගින් මෙම ඉල්ලීම කිරීමට මුල් වී ඇත්තේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා  බව කියති.

එයට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව කියා ඇත්තේ තමන් උපකාර කිරීමට සුදානම් බවයි. එමෙන් ම මෙම ප්‍රශ්නය ගැන ඇමෙරිකාවේ හිතවත් රාජ්‍යයන් වන බ්‍රතන්‍යය සහ ඔස්ට්‍රේලියාව ද දැනුවත් කරන ලෙස ඔවුන් උපදෙස් දී ඇති බව ද වාර්තා වී තිබිණි.

ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පසුගිය මාර්තු මාසයේ ප්‍රකාශ කළේ අපේ රටේ ප්‍රශ්න අපට බලාගත හැකි බව සහ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තමන්ගේ වැඩක් බලාගත යුතු බවයි.

විදේශ ලේකම්වරයා ගේ ප්‍රකාශය ගැන රාජ්‍ය තාන්ත්‍රික අංශ කෝපයට පත්ව සිටිය ද ආණ්ඩුව ඒ ගැන කණගාටුව ප්‍රකශ කිරීමක් හෝ සිදුකළේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *