තවත් කන්න දෙකකට තෙල් පොහොර රටේ තිබුණා. අපි දන්නෑ, කවුදෝ ඒවා හංගලා – මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි

තවත් කන්න දෙකක් වගාකිරීමට ප්‍රමාණවත් මට්ටමෙන් කෘෂි රසායන ද්‍රව්‍ය සහ රසායනික පොහොර රට තුළ තිබෙන නමුත් කවුරුන් හෝ විසින් ඒවා සඟවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

“තවත් කන්න දෙකකට සෑහීමකට පත්වෙන්න පුළුවන් ඇතිවෙන්න තෙල් ටික සහ පොහොර ටික අපේ රටේ තියෙනවා. මොකද්ද මේ ඇති කරගෙන තියෙන කලබලය ? මේක විපක්ෂයේ උනන්දු කිරීම මතදෝ කියලා අපි දන්නෙ නෑ, දැන් තෙල් ටික හංගලා. පොහොර ටික හංගලා. කරුණාකරලා මේ ජරාජීර්ණ කාලකණ්නි වැඩේ කරගන්න එපා …” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ජානක තිස්සකුට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ පෙරේදා (08) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *