අගමැතිගේ මෙවර පක්ෂ නායක සමුළුවට මහ පක්ෂය නෑ !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අනිද්දා (11 දා ) කැඳවා ඇති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගී නොවන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය වී ඇත්තේ ආණ්ඩුවේ සියලු පක්ෂ සමාන මට්ටමේ සැලකිය නොහැකි බව සහ රටේ විශාල බලයක් හිමි තම පක්ෂයට පක්ෂ නායක රැස්වීමේ දී වැඩි නියෝජනයක් අවශ්‍ය බවයි.

ඒ අනුව ඔවුන්ට වැඩි නියෝජනයක් ලබා දී තිබුණු නිසා පසුගිය පක්ෂ නායක රැස්වීම් දෙකට ම කුඩා පක්ෂ සහභාගී වුයේ නැත.

සම නියෝජනයක් සහිතව පක්ෂ නායක සමුළුව කැඳවන්නේ නම් තම පක්ෂය සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනුම් දී ඇති නිසා 11දා සාකච්ඡාව කුඩා පක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ලෙස පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.

එහි දී අදහස් හුවමාරු කර ගැනීමක් විනා ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳාගත හැකි කිසිදු තීරණයකට එළඹීමේ හැකියාවක් නොවනු ඇතැයි  කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *