කොවිඩ් තව පිම්මක් පනී ; අද දිනට ආසාදිතයින් 2672 ක් ; රට වහන්න සාකච්ඡා !

දිනපතා වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාවේ තවත් වාර්තාගත වැඩිවීමක් සටහන් කරමින් අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 2672 ක් වාර්තා  වී ඇත.

මෙය දිනක දී මෙරටින් වාර්තා වූ ඉහළ ම රෝගීන් සංඛ්‍යාව වන අතර මීට පෙර වාර්තා වූ වැඩි ම සංඛ්‍යාව වුයේ පසුගිය 5 වැනි දා වාර්තා වූ 1939 ක් වන සංඛ්‍යාව යි.

අද වාර්තා වූ රෝගීන් අතරින් 2659 ක් මෙරටින් වාර්තා වී ඇති අතර 13 දෙනෙක් පිටරට සිට පැමිණියෝ වෙති.

අද සංඛ්‍යා සමග මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 125,906ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර රට වසා දැමීමට සිදු වුව හොත් අත්‍යවශ්‍ය සේවා සැපයීම ගැන සාකච්ඡාවක් අද අරලිය ගහ මැදුරේ දී පැවතී බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *