කොවිඩ් 19 සංඛ්‍යා කළමනාකරණය හමුදාවෙන් ; නිරෝධායනයේ හමුදාවේ වැඩ අඩපණයි ; සෞඛ්‍ය අංශ අසරණ වෙයි !

දිනපතා වාර්තාවන කොවිඩ් 19 ආවාදිත සංඛ්‍යා රැස්කිරීම, ගණනය කිරීම සහ නිකුත් කිරීමේ සියලු වැඩ කටයුතු යුද හමුදාව විසින් සිදුකරනු ලබන බවත්, සෞඛ්‍යය අංශ එම වගකීම්වලින් ඉවත් කොට ඇති බවත් වාර්තා වෙයි.

දිනපතා සිදුවන කොවිඩ් නව ආසාදිතයින් වාර්තා වීම, මියයන සංඛ්‍යා ආදී තොරතුරු වාර්තා හමුදාවෙන් සකස් කොට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ලබාදුන් විට ඒවා නිකුත්කිරීම පමණක් ප්‍රවෘත්ති දෙපර්තමෙතුවෙන් සිදුකරනු ලබයි.

සෞඛ්‍ය අමාත්‍යංශයට ද ලැබෙන්නේ හමුදාවෙන් සැකසු වාර්තා බව කියති

කොවිඩ් රෝගය වැළඳීම නිසා වෙනත් රෝග උත්සන්න වීමෙන් සිදුවන මරණ කොවිඩ් මරණ සංඛ්‍යාවන්ට ඇතුළත් කිරීම මේ වනවිට නවතා දම ඇති බව ද වාර්තා වෙයි.

එමෙන් ම, රෝගීන් හමු වූ විට රෝහල්ගත කිරීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමේ කටයුතු ද මේ වනවිට අඩපන වී ඇත.

රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින්, දෙවන ආශ්‍රිතයින් හඳුනාගෙන නිරෝධායනය කිරීමේ කටයුතු කොවිඩ් වසංගතය ආරම්භයේ සිට ම යුද හමුදාවට භාර දී තිබුණි. මේ වනවිට එම කටයුතු කිසිවක් හමුදාවෙන් ඉටු නොවන බව කියති. ආශ්‍රිතයින් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමක් ද සිදු නොවේ. ආශ්‍රීතයින් පරීක්ෂණවලට ලක් නොකිරීම  රෝගී සංඛ්‍යාව අඩුවෙන් පෙන්නුම් කිරීමට හේතුවී ඇති බව විශ්වාස කෙරෙයි.

මෙම තත්ත්වය තුළ අවශ්‍ය පියවර ගැනීමට බලතල හෝ පහසුකම් හෝ නැතිව සෞඛ්‍ය අංශ අසරණ වී ඇතැයි කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *