රාජපක්‍ෂ පාලනයේ කිසි කෙනෙකුට බදු ගැන කතා කරන්න අයිතියක් නෑ – මහ නගර සංවර්ධන අමාත්‍ය, පාඨලී චම්පක රණවක

isඅද වෙනකොට අපේ සාමාන්‍ය ණය වල ආයු කාලය අවුරුදු 7 බවට පත්කරල තියෙනව. ඉස්සර අවුරුදු 20ක් අද වනවිට අවුරුදු 7 බවට පත්කරල තියෙනව. වාණිජ ණය ගන්න ගියහම අපිට සහන ණය ලැබෙන්නෙ නැහැ. 2004 දි මහින්ද මහත්තය රජය බාරගන්න විට අපිට තිබුණෙ සහන ණය. අද තියෙන්නෙ වාණිජ ණය. අද වාණිජ ණය අපේ විදේශ ණය බරෙන් 52%ක්. ඒ වගේම අපේ විදේශ සංචිතවලින් 100%ක්, ඒ වගේම පොලී අනුපාතය 1.8 සිට 3.8 දක්වා ඉහළ ගියා රුපියල අවප‍්‍රමාණය වෙනවත් සමගම. ඒ වගේම සක‍්‍රිය පොලී අනුපාතය 8%ට දක්වා ගමන් කෙරුවා. මේවා අපි ගෙවිය යුතුයි. ඒවා ඞීසල්වලින්, කිරිපිටිවලින්, පෙට්ට‍්‍රල්වලින් අද ගෙවන්න සිද්ධවෙලා තියෙනව. තාවකාලික ජොලියක් සඳහා ලබාගත්ත ණයවලට අද අපිට පොලිය සමග ගෙවන්න සිද්ධවෙලා තියෙනව. ඊළ`ග කාරණය තමයි ණය හැං`ගිල්ල. ණය නොයෙක් ස්ථානවල තියෙනව. රජයේ දෙපාර්තමේන්තුවල තියෙනව. දෙපාාර්ත මේන්තු නොවන ස්ථානවලත් තියෙනව. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ස්ථානවලත් ණය තියෙනව. නගර සභා, පළාත්සභා වගේ ආයතනවලත් ණය තියෙන්න පුළුවන්. මිනිස්සුත් ණය වෙලා තියෙනව. බැංකුවලට ක්‍රෙඩිට්කාඞ්වලට ණයවෙලා තියෙනව. රටක ණය බර කියල කියන්නෙ රජයේ දෙපාර්ත මේන්තු උසුලන ණයබර පමණයි. මහින්ද මහත්තය මොකද කෙරුවෙ රජයේ දෙපාර්තමේන්තු ණය ගන්න එක වළක්වල රාජ්‍ය ආයතනවලට ණය ගන්න කියල කිව්ව. පාරවල් හදන්න ජාතික ඉතිරකිරීමේ බැංකුවට ගන්න කිව්ව. ලංකා බැංකුවට ගන්න කිව්ව. මහජන බැංකුවට ගන්න කියල කිව්ව. ඒ විදිහට විදේශ ණය මිලියන 3000ක් රාජ්‍ය බැංකුවලට ගන්න කියල කිව්ව. අද ඒවා ගෙවන්න සිද්ධ වෙලා තියෙනව. ඒවා අද සම්පූර්ණ වාණිජ ණය. අද තෙල් සංස්ථාව ගැන කතා කරනව. තෙල් සංස්ථා පසුගිය අවුරුදු 10 ඇතුළත හැටියට  බදු අරගෙන තියෙනව  රුපියල් බිලියන 397ක්. මුළු තෙල් සංස්ථාවම ණයකාරයෙක් බවට පත් කරල ඒක හූරල ගත්ත. අද තෙල් සංස්ථාවෙන්, ගුවන් සේවයෙන්, වරායෙන් යන මේ අයතන තුනෙන් ණය විතරක් ගත්තම මේ මූල්‍ය ආයතනවලට හම්බවෙලා තියෙන ණය වලින් 80%ක්. එහෙම තමයි ණය බර අඩුකෙරුවෙ. පොත්වල අඩුකෙරුවෙ. රටේ ණයබර අඩුවෙලා තිබුණෙ නැහැ. මහා වංචාවක් එතන ගෙනිච්චෙ. දැන් ඒ වංචාව පුපුරගෙන පුපුරගෙන යනව. මේ ණය පිළිබඳ ප‍්‍රශ්නෙට අපි මූණ දීල තියෙනව. අපි මේ ණය ගෙවන්නෙ කොහොමද? අපි තවත් ණය ලබාගෙනද මේ ණය ගෙවන්නෙ? නැත්නම් රාජ්‍ය දේපොළ විකුණලද මේ ණය ගෙවන්නෙ? දේශීය ණයනම් අපිට පුළුවන් සල්ලි අච්චුගහල ගෙවන්න. අපේ අපනයන වැඩිකරගෙන, අපේ ආදායම් වැඩිකරගෙන  ඕනෙ මේ ණය ගෙවන්න.

ඒ නිසා ඒ ව්‍යවස්ථාවෙ වැඩපිළිවෙල ආණ්ඩුවකට සිද්ධ කරන්න සිද්ධ වෙනව. ඒ නිසා අපි බෝක්කුවක්වත් හදල නෑ කියල කියන්න කාටවත් බෑ. පරණ ආණ්ඩුවෙ ප‍්‍රතිපත්තිවලින්, කෙටිකාලිනව ජොලියට ගත්ත ණයවල ප‍්‍රතිපත්ති තුළ හිරවෙච්ච නිසා තමයි මේක සිද්ධවෙලා තියෙනනෙ.

හම්බන්තොට ද්‍රිස්ත‍්‍රික්කෙට විතරක් රුපියල් බිලියන 700ක් වියදම් කරල තියෙනව. ඒ බිලියන 700ට ශත පහක ආදායමක් මේ රටට ලැබිල නැහැ. ගුවන් තොටුපොළ, වරාය, අධිවේගි මාර්ග, සම්න්ත‍්‍රණශාලා, ක‍්‍රිකට් පිටි වලින්, මේ එකකින්වත් තඹ ශතයක ආදායමක් ලැබිල නැහැ. ඒවා අද ජනතාවට බරක්වෙලා ජනතාවගෙ කිරිපිටි ටිකට, පාන් පිටි ටිකට, ඞීසල්වලට,පෙට්ට‍්‍රල්වලට බද්දක් බවට පත්වෙලා තියෙනව. ඒ නිසා මම ආර්ථිය හැදුවය කියල කියන්න එතුමාට ආඩම්බරෙන් කියන්න බැහැ.

එතුමගෙ ආර්ථික කළමණාකරණයෙ ශක්තිය පෙන්වන, ඒ පවුලේ අයගේ දක්‍ෂතාවය පෙන්වන හොඳම උදාහරණය තමයි ශ‍්‍රී ලංකන් ගුවන් සේවය. එදා 1979 දි එයාර් සිලෝන් එක එයාර් ලංකා වුනා. ඊට පස්සෙ 1998 දි මේ එයාර් ලංකා ගුවන් සේවය එමරේට්ස්ල එක්ක බද්ධ ව්‍යාපාරයක් වෙනව. මේ ගුවන් සේවය රුපියල් මිලියන 9800ක් ලාභ උපයන එකක් හැටියටයි එදා එමරේට්ස්ලත් එක්ක 1998 පස්සෙ 2008 වෙනකොට තිබුණෙ. මොකද වුනේ? 2008 වෙනකොට අවුරුදු 10 කල් පිරුණ. පොඩි ප‍්‍රශ්නයක් පැන නැග්ගා එමිරේට්ස් සේවයේ ප‍්‍රධානියා හැටියට පීටර් හිල් මහත්තයි, සචින්වාස් ගුණවර්ධන මහත්තයයි. ඒක පෞද්ගලික ප‍්‍රශ්නයක්. ඊට පස්සෙ ඒක අත්පත් කරගත්ත. ඒකට කමක් නෑ. රටට අරගෙන ඒක කරන්න පුලූවන් නම් එක හොඳයි. රටේ ගුවන් සේවය විදේශිකයන්ට දෙන්න අවශ්‍ය නැහැ. රටට අරගෙන කරන්න පුළුවන් නම් හොඳයි. දැන් මොකක්ද තත්ත්වය? එදා එමිරේට්ස්එක රුපියල් මිලියන 9800කට බාර දුන්නෙ රුපියල් බිලියන 9.8ක ලාභයක් එක්ක. මහින්ද මහත්තයගෙ මස්සිනා මෙක කෙළවර කෙරුවෙ බිලියන 129ක පාඩුවක් එක්ක. ඒ ඔහුගේ අකාර්යක්‍ෂමතාවය හා මේ ගුවන් සේවය යොදා ගත්ත නරුම ස්වභාවය නිසා. ඒ පාඩුව විතරක් නම් කමක් නැහැ ගත්ත ගුවන් යානා. අලූත් නිෂ්පාදනය වෙමින් පවතින ගුවන් යානාවගයක් ඇනවුම් කරල තිබුණ. මේ සියල්ලෙම බර කීයද? මේ සියල්ලෙම බර අද වෙනකොට වෙනව රුපියල් බිලියන 461ක් එහෙමත් නැත්නම් ඩොලර් මිලියන 3251ක්.
රුපියල් බිලියන 461ක් කියන්නෙ පුත්තලම බලාගාරය වගේ විදුලි බලාගාර හතරක් හදන්න පුළුවන් සල්ලි තමයි මේ මහින්ද මහත්තයගෙ මස්සිනා විනාශ කෙරුවෙ. ඒ වගේම මත්තල ගුවන් තොටුපොල වගේ ඒව  6ක් හදන්න පුලූවන්කම තිබුණ මේකෙන්. වැඩිය  ඕන නෑ. අපිට තිබුණ මේ මුදලින් මන්නාරම් ද්‍රොණියෙ අපේ ගෑස් ටික අරගෙන කොළම ගෙනල්ල, ඒ ගෑස්වලින විදුලි බලාගාරයක් හදල මේ රට විදුලියෙන් හා ගෑස්වලින් ස්වයං පෝෂිත කරන්න. මේ වැඩටිකට යන්නෙ ශ‍්‍රී ලංකන් එක නාස්තිකරපු ධනයෙන් භාගයයි.

මේ ශ‍්‍රී ලංකන් එකට නාස්ති කරපු ධනයෙන් මේ නිසා මුළු රටම තමන්ගෙ පවුලෙ අකාර්යක්‍ෂමතාවය, මේ පවුලෙ නූගත්කම, මේ පවුලෙ තිබුණ ¥ෂිතභාවය තුළින් වට්ටපු අයයි අද මේ ඇවිල්ල කතා කරන්නෙ. ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ බර මේ රටේ ජනතාවටයි දරන්න වෙලා තියෙනනෙ. මේ ණය අපිට ගෙවන්න සිද්ධවෙලා තියෙනව. මේ ණය අපිට ගෙවන්න වෙන්නෙ මොනවයින්ද? පාන්පිටිවලින්, කිරිපිටිවලින්, පෙට්ට‍්‍රල්, ඞීසල්වලින් අයකරගන්න බදු වලින්. ඒ නිසා මේ බදු පිළිබඳව කාට කතාකරන්න අයිතිය තිබුණත් රාජපක්‍ෂ පාලනයේ කිසි කෙනෙකුට කතාකරන්න අයිතියක් නෑ.

අපි ඉදිරියෙ මහ අභියෝගයක් තියෙනව. මේ ණය ගෙවල මේ අයතන අපි කළමණාකරනය කරල, මේ රට ආර්ථික වශයෙන් ඉදිරි පිම්මක් පනින්න. මේ රටේ ජනතාවට විශාල රැුකියා ප‍්‍රශ්නයක් තියෙනව. එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට රැුකියා පක්‍ෂයක් තියෙනව. අවුරුදු 20 ක් තිස්සෙ ඔවුන්ට රස්සා හම්බ වුණේ නැහැ. ඉතින් මේ රැුකියා කොහොමද ලබාදෙන්නෙ? ආදායම් කොහොමද ඇති කරන්නෙ? මේවට අපිට ශක්තිමත් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒක නිසා අපි ශක්තිමත් වැඩපිළිවෙලක් එක්ක අනාගතය දකින්න කටයුතු කළ යුතුයි. ඒ නිසා මග ඉඳන් වලවල් කපන, ¥ෂිත බලවේගවලට අපි ඒකට ඉඩදියයුතු නැහැ. වැඩියෙන්ම සද්ද කරල කතාකරන අය තමයි ¥ෂිතයො. එහෙම ස්ද්ද කරල ආණ්ඩුවට බැන්නම මේ ¥ෂිතයො හිතනව, අපි ආණ්ඩුව විවේචනය කරන නිසා අපිට දඬුවම් දෙනව කියල ජනතාවට කියන්න පුළුවන් කියල. ඒ වගේම මේවට එරෙහිව කතා කෙරුවම අපිටත් ගහනව. අපිටත් ගහල අපිව දේශපාලන වශයෙන් වළට යවන්න පුළුවන්ද කියල බලනව. ඒවට අපි සූදානම් නිසයි එදා අපි රජයෙන් එළිබට බැහැල මේ වෙනස ඇති කෙරුවෙ. එදා ජනවාරි 8 වෙනිදා ඇති වෙච්ච නිහඬ විප්ලවය, අද පක්‍ෂ භේදයක් නැහැ. පක්‍ෂ භේද ඇති කරන්න ශ‍්‍රී ලංකා යූ.එන්.පී. භේද ඇති කරන්න පිරිසක් උත්සාහ දැරුවට අද එහෙම භේදයක් නැහැ. අපි මේ ස්වර්ණමය අවස්ථාව පාවිච්චි කරල ලෝකයේ අපිට මේ තියෙන තත්ත්වයත් රැුකගෙන ඉදිරි පියවර තබන්න අපි කටයුතු කළ යුතුයි කියන එක ඔබ සැමට අවධාරණය කරමින්, ඒ සඳහා උගත්, බුද්ධිමත් ජනතාව ඒ ශක්තිය රජයට ලබාදිය යුතු වෙනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *