ආණ්ඩුව තවත් ගැසට්ටුවක් ගහයි ! පොල්තෙල්වලට වෙන තෙල් දාන්න බැහැ

 

ආහාර මිල පාලනයට සහ තත්ත්ව පාලනයට ගැසට නිවේදන ගණනාවක් පසුගිය කාලයේ නිකුත් කළ රජය තවත් ගැසට්ටුවක් නිකුත් කොට ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග කලවම් කිරීම සම්බන්ධයෙනි

එම ගැසට් නිවේදනය අනුව, ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

පාරිභෝගික සේවා අධිකාරිය මෙම තහනම පනවමින් අංක 2226/59 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *