දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2000 ආසන්නයේ රැඳෙයි; ඊයෙත් 1914 ක්

 

දින ගණනාවක් තිස්සේ 2000 ආසන්නයේ රැඳී ඇති දෛනික කොවිඩ්  ආසාදිත සංඛ්‍යාව ඊයේ දිනයේ ද 1914 ක් වාර්තා කළේ ය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 121,338 ක් ලෙස වාර්තා වෙයි.

මෙරටින් අලුත් කොවිඩ් ආසාදිත උපරිම සංඛ්‍යාව ලෙස බදාදා (5) වාර්තා වූ 1939 තවදුරටත් පවතින අතර පෙරේදා වාර්තා වූ සංඛ්‍යාව 1894 කි.

දැනට ස්ථාවර බවක් පෙන්නුම් කරන මෙම සංඛ්‍යාව වැඩි නොවී පවත්වා ගැනීම සහ ක්‍රමානුකුලව අඩු කර ගැනීම සෞඛ්‍ය අංශවල අභියාගය වී තිබේ.

මේ වන විට කොවිඩ් සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නා සංඛ්‍යාව 20,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කියති. සෞඛ්‍ය අංශ කියන්නේ මෙම සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගියහොත් එය දරාගත නොහැකි වන බව යි.

මේ අතර මෙරටින් වාර්තා වූ වැඩි ම කොවිඩ් මරණ සංඛ්‍යාව වන මරණ 19 ක් ඊයේ වාර්තා වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *