ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව අදත් නැහැ ; ෆෝට් සිටි විවාදය දින නියමයක් නැතිව කල් දමයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත හෙවත් ෆෝට් සිටි පනත පිළිබඳව ශ්‍රේෂ්ටාධිකරණ පෙත්සම් විභාගයේ තීන්දුව අද දිනයේ ද පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබීම නිසා හෙට දිනට යොදාගෙන තිබු පාර්ලිමේන්තු විවාදය කල් දමා තිබේ.

අද සවස පාර්ලිමේන්තුවේ දී රැස් වූ පක්ෂ  හමුවේ දී මෙම තීරණය ගෙන තිබේ. ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව ලැබී නැති නිසා පනත ඉදිරිපත් නොකරන බව එහි දී  පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ.

පනත ඉදිරිපත් කිරීම සඳහා අලුතින් දිනයක් ද යොදාගෙන නැත.

ෆෝට් සිටි පනත ගැන ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව ලැබී නැති බවත්, පනත ගැන විවාදය අවිනිශ්චිත බවත්, ඊයේ ” යුක්තිය ” මගින්  හෙළිදරව් කරනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *