ගුවන්තොටුපල නව මගී පර්යන්තයක් හදන්න ජපානයෙන් බිලියන 56ක් – පොලිය සියයට දශම එකයි – ගෙවන්නේ අවුරුදු 40කින්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව මගී පර්යන්තයක් ඉදිකිරිම සදහා රුපියල් බිලියන 56ක් ලබාදීමට ජපාන අන්තර්ජාතික සහයෝගිත ආයතනය ඉදිරිපත් වී සිටියි . ජපන් තාක්ෂණයෙන් ඉදිකරණ මෙම පර්යන්තය මගින් අලුතින් වසරකට මගින් මිලියන 15ක් සදහා පහසුකම් සැලසිය හැකිය . දැනට ඇති පර්යන්තයේ ධාරිතාවය මිලියන 6කි .මේ වනවිටත් එම ධාරිතාවය ඉක්මවා භාවිත වන නිසා විශාල තදබද තත්වයක් පවතින බව කියති .

නව පර්යන්තයේ ගුවන් යානා 27 කට නවතා  තැබීමේ පහසුකම් ලැබෙනු ඇත .

ජපානයෙන් මෙම ණය මුදල ලැබෙන්නේ සියයට දශම එකක පොලියක් යටතේ වසර 40කින් ගෙවීම සදහාය . පසුගිය කාලයේ චීනය අපරටට ණය දුන්නේ සියයට 4 – 5 වැනි ඉහල පොලි අනුපාත යටතේ ය .

නව පර්යන්තය ඉදිකිරිම 2020 දී අවසන් කිරීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *