කොරෝනා අලුත් දෛනික වාර්තාව 2000 ට කිට්ටු කරයි.

දිනෙන් දින වැඩිවන කොවිඩ් දෛනික ආසාදිත සංඛ්‍යාව මේ වන විට දිනකට 2000 මට්ටමට් ආසන්න වෙමින් පවතියි.

ඊයේ දිනයේ වාර්තා වූ සංඛ්‍යාව 1923 කි.

මෙම සංඛ්‍යාව පසුගිය සතියක පමණ කාලයේ දිගින් දිගට වැඩි වීය.

මෙරටින් මෙතෙක් හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 113,676 කි.

කොවිඩ් රෝගය නිසා මියගිය සංඛ්‍යාව ද මේ වනවිට 709 දක්වා ඉහළ ගොස් ඇත.

වෙනත් රෝග නිසා මියයන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව කොවිඩ් රෝගී මරණ වලට ඇතුලත් නොකරන බව වසන්ගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කිය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *