කාබනික ගොවිතැනට ආණ්ඩුවේ තදියම ව්‍යාපාරික වුවමනාවකට දැයි සැකයි ; පහුගිය කාලේ එහෙම වැඩ වලින් මේ ගොවිතැන විනාශ වුණා – කාබනික ගොවිතැනේ පුරෝගාමී කන්තලේ ජයතිස්ස ගොවි මහතා

කාබනික ගොවිතැනට රට යොමු කිරීම යහපත් පරමාර්ථයක් වුව ද එය සැලසුම් ගතව කාලයක් තිස්සේ කළ යුතු කාර්යයක් බවත් , ආණ්ඩුව තදියමේ එකවර කාබනික ගොවිතැනට රට හැරවීමට උත්සහ කළ ද එය කළ නොහැකි බවත්, ආණ්ඩුවේ මේ උත්සාහය කිසියම් ව්‍යාපාරික පිරිසකට මුදල් ඉපයීමට අවස්ථාව උදා කර දීමක් දැයි සැක මතුවන බවත්, මෙරට කාබනික වගාවේ පුරෝගාමියකු වන කන්තලේ ජයතිස්ස ගොවි මහතා ප්‍රකාශ කළේ ය.

පසුගිය කාලයේ ද මෙබඳු පිරිසක් කාබනික ගොවිතැනට වසර තුනක දී රට හරවන්න කියා පැමිණ රජයේ මුදල් රුපියල් කොටි ගණනින් විනාශ කරමින් විශාල හානියක් කළ බව ඒ මහතා පැවසීය.

සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය සංවිධානය කළ අන්තර් ජාල සමුළුවකට සහභාගී වෙමින් ඒ මහතා වැඩි දුරටත් කීවේ කාබනික ගොවිතැනට රට හැර වීම විශේෂඥ උපදෙස් ලබා ගනිමින් ක්‍රමානුකුලව කළ යුත්තක් බව යි. කන්නකින් දෙකකින් එය කළ නොහැකි බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *