ශ්‍රේෂ්ටාධිකර්ණයේ තීන්දුව ලැබී නැහැ; ෆෝට් සිටි පනතේ විවාදය අවිනිශ්චිතයි

ෆෝට් සිටි පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණයේ පැවති පෙත්සම් විභාගයේ තීන්දුව අද සවස් වන විටත් කතානායක කාර්යාලය වෙත ලැබී නොතිබුණු බව වාර්තා වෙයි.

එය හෙට දිනයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් , තීන්දුව ප්‍රමාද වීම නිසා අනිද්දා පැවැත්වීමට නියමිත පනත් විවාදය පිළිබඳව අවිනිශ්චිත තත්ත්ය්වයක් මතුව ඇති බවත් කියති.

ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව ප්‍රමාද වුවහොත් පනත පිලිබඳ විවාදය කල් දැමීමට සිදුවිය හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත.

මුල් පනතේ යම් යම් වෙනස්කම් කරන බව පෙත්සම් විභාගයේ දී රජය ශ්‍රේෂ්ටාධිකරණයට ප්‍රකාශ කළේ ය.

ආණ්ඩුවේ සංශෝධන ගැන මෙන් ම පෙත්සම් කරුවන් මතු කළ වෙනත් ප්‍රශ්න ද සැලකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කොටස් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව මගින් දැනුම් දීමට නියමිත ය.

ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව අනුව පනතේ තවත් සංශෝධන කිරීමට ද සිදුවනු ඇති බව ද කියති.

එබැවින් එමතින්දුව ලැබෙන තෙක් පනත විවාද කිරීම ගැන අවසන්  තීන්දුවක් ගත නොහැකි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *