ආණ්ඩුවේ මේ වැඩෙන් කාබනික ගොවිතැන රටට එපා වෙනවා – කාබනික කෘෂිකර්ම සංගමයේ සභාපති තිලක් කාරියවසම්

කාබනික ගොවිතැනට රටක් යොමු කිරීම සැලසුම් සහගතව කළ යුතු කටයුත්තක් බවත් , එසේ නොකොට ආණ්ඩුව හදිසියේ කරන පොහොර සහ කෘෂි රසායන තහනම මගින් සිදුවන්නේ කාබනික ගොවිතැන අසාර්ථක බව මහජනයාට හැඟෙන තත්ත්වයක් නිර්මාණය වීම බවත් , ශ්‍රී ලංකා කාබනික කෘෂිකර්ම සංගමයේ සභාපති තිලක් කාරියවසම් මහතා ප්‍රකආෂ කළේ ය.

කාබනික ගොවිතැන යනු කොම්පෝස්ට් පොහොර යෙදීම පමණක් නොවන බවත්, ඒ සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවත් කියන කාරියවසම් මහතා ඒ සඳහා දිගු කාලයක් අවශ්‍ය වන බව ද ප්‍රකාශ කළේ ය.

අවශ්‍ය වෙනත් ප්‍රතිකර්ම නොමැතිව කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් අස්වැන්න විශාල ලෙස අඩුවිය හැකි බවත් එහි ප්‍රතිඵලය වන්නේ කාබනික ගොවිතැන අසාර්ථක බවට අදහසක් මහජනයා තුළ තහවුරු වීම බවත් , ඒ මහතා පෙන්වා දෙයි.

පසුගිය රජය කාලයේ ජනාධිපති කාර්යාලය සහ සේමා ආයතනය අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  මෙබඳු හදිසි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළේ ය. අවසානයේ එය අසාර්ථක වූ අතර ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගැනීමට ද වගකිව යුත්තන් ඉදිරිපත් වුයේ නැත.

“විද්‍යාව සහ මිත්‍යාව” මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පැවැත් වූ අන්තර් ජාල සාකච්ඡාවකට සහභාගී වෙමින්  තිලක් කාරියවසම් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *