ධම්මික පැණියෙන් කිසිවෙකු ගේ කොරෝනා සුව වී නැහැ ; මහාචාර්ය චන්න ජයසුමනගේ සරසවියේ පරීක්ෂණයෙන් තහවුරු වෙයි.

 

කෑගල්ලේ සුප්‍රකට ධම්මික පැණියෙන් කොරෝන සුව වීමට කිසිදු සහයක් නොලැබෙන බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීටය කළ සායනික පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් යොදාගෙන කළ සායනික පරීක්ෂණ මගින් මේ බව තහවුරු වී තිබේ.

ධම්මික පැණි ප්‍රවර්ධනය සඳහා දායක වූ ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ද සේවය කරන්නේ මෙම වෛද්‍ය පීටයේ ය.

මෙම පැණිය පානය කළ තවත් අයට කොවිඩ් රෝගය වැළඳුනු බව මීට පෙර ද වාර්තා වීය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද පැණි පානය කළ නමුත් කොරෝනා වැලඳී අසාධ්‍ය තත්ත්වයට පත් වී අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබා  සුවය ලැබුවා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *