වැඩි ම කොවිඩ් වාර්තාව යලි අලුත් වෙයි ; ඊයේ ආසාදිතයින් 1891 ක්

දිනපතා වාර්තාවන කොවිඩ් 19 ආසාදිත වැඩි ම සංඛ්‍යාව පිලිබඳ වාර්තාව අලුත් කරමින් ඊයේ දිනයේ තවත් ආසාදිතයින් 1891 දෙනෙකු හමු වී ඇත.

මෙයින් 1843 ක් රට තුලින් වාර්තා වී ඇති අතර එම පිරිස අලුත් අවුරුදු පොකුරට සම්බන්ධ බව රජය කියයි.

විදේශවල සිට පැමිණි අය අතරින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 48 කි.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 111,753 ක් ලෙස වාර්තා වෙයි.

රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව මේ වනවිට 12,500 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *