2020 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 3.6 ක් පසු බැස්මක් – නිදහසින් පසු විශාලතම අවපාතය

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කරමින් ආර්ථිකයේ සියයට 3,6 ක් පසු බැස්මක් සිදු වී  ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

2020 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මඟින් මේ බව අනාවරණය කර ඇත.

එම මහ බැංකු වාර්තාව අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දීම  ඊයේ (30)  සිදුකරන ලද්දේ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා විසිනි.

එමඟින් දක්වා ඇත්තේ පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට සෘණ වර්ධන අගයක් එනම් සියයට 3.6 ආර්ථික අවපාතයක් පෙන්නුම් කරන බව යි.

මීට අමතරව 2019 වසරේ ඩොලර් 3,852ක්ව පැවති ඒක පුද්ගල ආදායම පසුගිය වසරේදී ඩොලර් 3,682ක් දක්වා පහත බැස ඇති බව ද මහ බැංකු වාර්තාවෙන් අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *