“මිනිය අතුරුදන් කළොත් මිනීමරුවන්ට ගැලවී යා හැකිද ?” – එක්නැලිගොඩ නඩුවේදී අධිකරණයට ප්‍රශ්නයක්

ekneligodaදැන් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ නඩුවේදී ඔහු මරාදම ඇති බව පැහැදිලිව පෙනීගොස් ඇති නමුත් මිනියක් හමුවී නැති තත්වයක් තුල මිනීමැරුම් චෝදනා එල්ල කල හැකිද යන ප්‍රශ්නයට විසදුමක් දීමට අධිකරණයට සිදුව ඇති බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි . ප්‍රගීත් පැහැරගෙන යාම පිලිබදව පරීක්ෂණ කරන රහස් පොලිසිය අධිකරණයට ප්‍රකාශ කොට ඇත්තේ ප්‍රගීත් මරාදැමීමට කුමන්ත්‍රණය කල බවටත් , ඔහු අවසන් වරට සැකකරුවන් භාරයේ සිටි බවටත් සාක්ෂි ඉදිරිපත් කල හැකි බවයි . එසේ වුවද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ගේ තර්කය වී ඇත්තේ මිනිය හමුවී නැති නිසා හා මිනීමැරුම ඇසු  දුටු සාක්ෂි නැති නිසා මිනීමැරුම් චෝදනා එල්ල කළ නොහැකි බවයි . නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වී ඇත්තේ මිනීමැරුම් චෝදනා යටතේ නඩුව පවත්වාගෙන ය හැකි බවයි . එසේ නොකළ හොත් වින්ධිතයන්ට යුක්තිය ඉටුවීම පිලිබදව බරපතල ප්‍රශ්නයක් මතුවන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කෙරුණු දක්වා ඇත .

මෙම ප්‍රශ්නය පිළිබද අධිකරණ මතය හෙට (29 දා ) ප්‍රකාශ කරනු ඇතැයි කියති .

මේ අතර රහස් පොලිසිය හමුදා පතිගෙන් ඉල්ලාසිටි වාර්තාවලින් කොටසක් පසුගියදා ලබා දී ඇති බවද වාර්තා වීය . එම ඇතැම් වාර්තා අලුතින් සකසන ලද වාර්තා බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *