පෝට් සිටි පනත : යහපාලන කෙටුම්පතේ සහ පොහොට්ටු කෙටුම්පතේ වෙනස ආචාර්ය හර්ෂ පෙන්වයි

කොළඹ වරාය නගරය වෙනුවෙන් පසුගිය යහපාලන රජය විසින් සකස් කළ පනත් කෙටුම්පත සහ වත්මන් රජය විසින් අලුතින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අතර පවතින ප්‍රධාන වෙනස්කම් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් පෙන්වා දී තිබේ.

“2019 කෙටුම්පතේ මොකද්ද කියන්නෙ, මේකෙ නීති හදන්න මේකෙ නියාමන රෙගුලාසි හදන්න සහ නීති රෙගුලාසි සංශෝධනය කරන්න ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. හැබැයි ඒකට හාත්පසින්ම වෙනස් විදියට දැන් දීලා තියෙන්නෙ පාර්ලිමේන්තුවේ ගැසට් එකක් ගහලා ඒ ගැසට් එක පාර්ලිමේන්තුවේ දැනගැනීම පිණිස පමණක් සභාගත කරන්න ඕනෙ.

මේ රජය විසින් ඉදිරිපත් කරපු පළමු කෙටුම්පතේ තියෙන්නෙ අර 2019 අපි ඉදිරිපත් කරපු කෙටුම්පතේ තියෙන කාරණාවමයි. ඒකෙ තියෙනවා නිල වශයෙන් රටේ තනතුරුවල ඉන්න පුද්ගලයෝ තමයි මේ කොමිසමට පත්විය යුත්තේ කියලා. ඔවුන් කියනවා සභාපති සමග 10 දෙනෙක් සිටිය යුතුයි කොමිසමේ, හැබැයි සභාපති සහ 7 දෙනෙක් රජයේ තනතුරු දරණ පුද්ගලයින් වියයුතුයි. එහෙමත් නැත්නම් කියනවා එක්ස් ඔෆීෂියල්ස්. හැබැයි එතන සහ අද ඉදිරිපත් කරලා තියෙන කෙටුම්පතේ තියෙන ලොකුම වෙනස තමයි ජනාධිපතිතුමාට තමන්ට කැමති ඕනෑම පුද්ගලයො 7 දෙනෙක් මේකට පත්කරන්න පුළුවන්. ඒක තමයි පුද්ගලයො අහන්නෙ ඔවුන් මේ රටේ පුරවැසියන්ද වෙන රටක පුරවැසියන්ද ඔවුන් නෑදෑ සම්බන්ධකම් තියෙන අයද වෙන කවුරුත්ද ..? ලොකු වෙනසක්.

අනිත් ප්‍රධානම වෙනස හැටියට අපි දකින්නෙ මේ නියාමනය. කලින් තිබ්බ කෙටුම්පත්වල තියෙන්නෙ, උදාහරණයක් හැටියට ඒ නියාමන සඳහා රෙගුලාසි ඉදිරිපත් කළයුත්තේ ඒ නියාමන අධිකාරිය හරහා. ඊට පස්සෙ එව්වා පාර්ලිමේන්තුවෙ අනුමැතියට ගේන්න ඕනෙ. නමුත් අද මොකද කියන්නෙ, ජනාධිපතිවරයාට පුළුවන් මේ නියාමනය කරන්න” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ සමගි ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

LANKANEWSWEB

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *