ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ අද රැස්වීමට පක්ෂ දහයක් නෑ !

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කැඳවීමෙන් අරලියගහ මන්දිරයේ අද පැවතී රැස්වීමට ආණ්ඩුවේ පක්ෂ දහයක නායකයින් සහභාගී නොවූ බව වාර්තා වෙයි.

ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය පී.වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහා චාර්ය තිස්ස විතාරණ, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අබ්දුල්ලා, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් දහ දෙනකු මෙම සාකච්ඡාවට සහභාගී නැත.

මෙයින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර මහත්වරුන් රැස්වීමට පැමිණ විරෝධය දක්වා පිටව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *