අගමැති කැඳ වූ පක්ෂ නායක හමුව බකල් ; විමල්, ගම්මන්පිල , වාසු , රතන හිමි ඉවත් වෙති ; වෙන දිනක යලි කැඳවන්න කියති

අද අරලියගහ මන්දිරයේ කැඳවා තිබු ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම ප්‍රධාන පක්ෂ ගණනාවක් ඉවත්ව යාම නිසා සම්පුර්ණයෙන් අසාර්ථක වූ බව වාර්තා වෙයි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන පක්ෂ නායකයින් රැස්වීම ආරම්භයට පෙර ඉන් ඉවත්ව ගොස් ඇත. එයට හේතුව මෙම රැස්වීමට පක්ෂ නායකයින් නොවන විශාල පිරිසක් කැඳවා තිබීම යි. ඉන්පසු අතුරලියේ රතන හිමියන් ද රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇත.

ඉවත්ව ගිය කණ්ඩායම අගමැතිතුමාගෙන් ඉල්ලා ඇත්තේ පක්ෂ නායකයින් පමණක් වෙනත් දිනක දී කැඳවන ලෙස යි.අද පවත්වන රැස්වීම පක්ෂ නායක රැස්වීමක් ලෙස පිළිගත නොහැකි බව එම කණ්ඩායමේ මතය වී තිබේ.

වෙනත් දිනක පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එකඟ වූ බව කියති.

අද පැමිණි අනෙක් පිරිසට සංග්‍රහ කොට අගමැතිතුමා ඔවුන් හා පිළිසඳරක යෙදුනු බව වාර්තා වෙයි.

අද රැස්වීමට ආණ්ඩුවේ පක්ෂ නොවන විවිධ සංවිධාන නියෝජනය කරමින් පනස් දෙනෙකුට ආසන්න පිරිසකට ආරාධනා කොට තිබු බව දැනගන්නට ඇත.

ආණ්ඩුව තුළ වර්තමාන ගැටුමේ ප්‍රධාන පාර්ශවයක් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීන් නොමැතිව පවත්වන කුමන හෝ සාකච්ඡාවකින් ඵලදායි ප්‍රතිඵල අත්පත් කරගත නොහැකි ය යන්න නිරීක්ෂකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *