ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ තීරණාත්මක හමුව හෙට

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කැඳවීම මත හෙට දිනයේ අරලිය ගහ මැදුරේ පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂ නායක සාකච්ඡාව තීරණාත්මක එකක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

පෝට් සිටි සම්බන්ධයෙන් රජය ඉදිරපත් කොට ඇති පනත සම්බන්ධයෙන් මතු වී ඇති ගැටුම්කාරී තත්ත්වය, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන මතභේද ඇතුළු ප්‍රශ්න රාශියක් හෙට දිනයේ සාකච්ඡා කෙරෙනු ඇතැයි කියති.

ආණ්ඩුවේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය ඉතා බරපතළ වී තිබීම නිසා එහි අනාගතය පිළිබඳව මෙම රැස්වීම තීරණාත්මක වනු ඇති බව විශ්වාස කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *