මා ස්වදේශ කටයුතු ඇමති සමයේ ෆෝට් සිටි භුමිය ශ්‍රී ලංකාවේ නීතියට යටත් කොට පවරාගත්තා ; එය නැවත වෙනත් පාර්ශවයකට පැවරීම වැරදියි – ස්වදේශ කටයුතු හිටපු ඇමති, එජාප සභාපති වජිර අබේවර්ධන

තමන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ෆෝට් සිටි භුමිය ශ්‍රී ලංකාවේ නීතියට යටත් ශ්‍රී ලංකා භුමියේ කොටසක් ලෙස ගැසට් කොට පවරාගත් බවත්, එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූ බවත්, දැන් එය ශ්‍රී ලංකාවේ පවතින නීතිය වලංගු නොවන කලාපයක් ලෙස නව නීති ගෙන ඒම වැරදි බවත්, පසුගිය රජයේ ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කළ වත්මන් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා “යුක්තිය” ට ප්‍රකාශ කළේ ය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස තමන් ෆෝට් සිටි භුමිය පවරා ගන්නා ලද්දේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කොටසක් වශයෙන් බවත්, ඒ අනුව එම කොට්ටාසයේ බල පැවැත්වෙන සෑම නීතියක් ම ෆෝට් සිටි භූමියට අදාළ වන බවත් හිටපු ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

එක ම භූමියකට නීති දෙකක් තිබිය නොහැකි බවත්, ශ්‍රී ලංකාවට නීත්‍යනුකුලව පවරාගත් භූමියක් ඉන් ඉවත් කොට නීති පැනවීම වැරදි ක්‍රියාවක් බවත්, එජාප සභාපතිවරයා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *