ජනාධිපති ඒ වැරැද්ද ම නැවතත් කරලා.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍යයේ ඇතැම් ඉහළ නිලධාරීන්ව පත් කිරීමේ දී අනුගමනය කළයුතු පිළිවෙත විය යුත්තේ, පත්කිරීමට අපේක්ෂා කරන නිළධාරියාගේ නම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යැවිම ය. ජේ්‍යෂ්ටත්වය පමණක් නොව දක්ෂතාවයන් සැලකිල්ලට ගෙන නම්කළ යුතු එම පුද්ගලයාගේ නම පිළිබඳව ව්‍යවස්ථාදායක සභාව සෑහීමකට පත් නොවන්නේ නම් වෙනත් අයෙක් නම්කරන ලෙස දැනුම් දීමට ව්‍යවස්ථා සභාවට බලය තිබේ. කෙසේ නමුත් පොලිස්පති ඉලංගකෝන් මහතා විශ්‍රාම යෑමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා නම් 3ක් ව්‍යවස්ථාදායක සභාව වෙත ජනාධිපතිවරයා විසින් යවා ඇති බව දැනගන්නට ඇත.
එක් අයෙකුගේ නමක් යෝජනාකළ යුතු බවට පැහැදිළිව තිබිය දී නීතිපති පත්කිරීමේ දී ද ජනාධිපතිවරයා වත්මන් නීතිපතිවරයාගේ නමට අමතරව සුහද ගම්ලත් මහතාගේ නම ද යෝජනා කළේ ය. එවිට ව්‍යවස්ථාදායක සභාව කළේ එක් අයෙකුගේ නම පමණක් යෝජනා කරන ලෙස ජනාධිපතිවරයාට දැණුම් දීම ය. වත්මන් නීතිපතිවරයාගේ නම දෙවැනිවර ජනාධිපතිවරයා යෝජනා කළ අතර එය ව්‍යස්ථාදායක සභාව විසින් අනුමත කෙරින. නිළධාරින් පත්කළ යුතු ආකාරය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මෙසේ පැහැදිළිව තිබිය දීත්, රාජපක්ෂ පාලනයට සම්බන්ධ දූෂිත නිලධාරින්ගේ නම්ද ඇතුලත්වන ආකාරයට නිළධාරින් කිහිපදෙනෙකුගේ නම් ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරන්නේ ඇයි ද යන්න ගැටලුවක් බව බොහෝ දෙනාගේ අදහස ය. වැඩ බැලීමට පත්කර ඇති පොලිස්පතිවරයා වන එස්. එම් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා වේ. ඒ කාලයේ සිදු වූ මිනීමැරුම් සම්බන්ධයෙන් කිසිවක් නොදැනීම ම ඔහුගේ සේවය පිළිබඳ ප්‍රශ්නයකි. එසේ තිබිය දීත් ඔහුව නම්කරන්නේ රාජපක්ෂලාට එරෙහිව ඇති පරික්ෂණ යටගැසීමේ උවමනාවක් ජනාධිපතිවරයාට ද තිබෙන නිසා දැයි ඇතැමෙක් ප්‍රශ්න කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *