නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් වහාම නිදහස් කර ඔහුට පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස්  මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය දැඩි සේ හෙළා දකී.

අප්‍රේල් මස 07 වැනිදා කොළඹදී පැවති සෞඛ්‍ය සේවක විරෝධතා ව්‍යාපාරයක් අතරතුරදී මරදාන පොලීසිය විසින් මලික අබේකෝන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වෙත රැගෙන ගිය ඔහුට අවස්ථා කිහිපයකදී අමානුෂික ලෙස පහර දී ඇත.

මලික අබේකෝන්ට පහරදීමක් සිදුව නොමැති බවට වන වෛද්‍ය වාර්තාවක් ද සමඟ අප්‍රේල් මස 08 වනදින ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර වින්දිතයාගේ පාර්ශ්වයෙන් මතු කළ  විරෝධතා හමුවේ බන්ධනාගාර වෛද්‍ය නිලධාරිවරයා මගින් යළිත් වෛද්‍ය වාර්තාවක් කැදවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මලික අබේකෝන් මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, වගකිවයුතු නිලධාරීන්ට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මලික අබේකෝන් වහාම නිදහස් කරන ලෙසට බල කර සිටී.

 

 

සීතා රංජනී     

කැඳවුම්කරු                                                             

ලසන්ත ද සිල්වා

ලේකම්

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *